පොලිස් පෙම්වතියගේ බෙල්ල කපා , පොලිස් පෙම්වතා වස බොයි

මළ සිරුර මහ පාරට ගෙන එද්දී.

කොළඹ කොටුව ගුවන් පාලම මතදී අද පෙරවරු 6 ට පමණ පොලිස් නිලධාරිනියක් ඝාතනය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ, තවත් පොලිස් නිලධාරියෙකු විසින් ඇයට තියුනු ආයුධයකින් පහරදී මෙලෙස ඝාතනය කර ඇති බවය.සිද්ධියෙන් පසු එම පොලිස් නිලධාරියා ද වස පානය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ අදාළ පොලිස් කොස්තාපල්වරයා දැනට පොලිස් රැකවල් මත රෝහල් ගත කර සිටින බවයි.දෙදෙනා අතර ආරවුලක් මීට හේතුවන්නට ඇතැයි සැක කෙරෙනවා.


මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, පොලිස් ක්‍රීඩා කොට්ශයට තාවකාලිකව ඇතුලත් කර සිටි කොස්තාපල්වරියකි.


Gossip Lanka Hot News Previous News Archive