Jan22013

මවද දැනුවත්ව පියා දියණියන් දෙදෙනාව දූෂණය කරයි

හෙට ලෝකය බබළවන්නට හිටි අවුරුදු දහතුනක් සහ අවුරුදු දාහතරක දියණියන් දෙදෙනකු තම පියා විසින් දූෂණය කළ කනගාටුදායක කතා පුවතක් කඹුරුපිටිය පොලිස් වසමේ ගතාර ප්‍රදේශයෙන් පසුගියදා වර්තා විණි.

පියා අතින් දූෂණය වූ මේ දැරියන් දෙදෙනාගෙන් අවුරුදු දාහතර වියේ පසු වූ දැරිය මන්දබුද්ධික තැනැත්තියකි. 2011 වසරේ මැයි මාසයේ පටන් පියා විසින් මේ අතවර කිරීම් සිදුකොට තිබේ. මේ දියණියන් දෙදෙනාම මෙලෙස අතවරයට ලක්වී ඇත්තේ ඔවුන්ගේ මවද දැනුවත්වය.

මව බොහෝ විට මේ අපරාධය සිදුකරන පියාට විරුද්ධ වූ අවස්ථාවවලදී මේ නිවෙස එකම එක යුද පිටියක් බවට පත්ව තිබේ. මේ සැකකාර පියා කාලයක පටන් දැඩි ලෙස මත්පැන් බීමට පුරුදුව සිට ඇත.
මව මේ පිළිබඳ තොරතුරු සියල්ල පොලිසියට පවසන බවන පියාට කී විට ඔහු පොලිසියට මේ තොරතුරු කිව්වොත් මරන බවට පවසමින් බිරිය නිහඬ කරගෙන තිබේ. අවසානයේ පොලිසියට මේ තොරතුරු අනාවරණය වනවිට මේ දැරියන් දෙදෙනාගේ මව මෙලොව හැර ගොස් තිබිණි. එම මරණයට හේතුව මේ සැකකාර පියා විසින් බිරියට උදැල්ලකින් පහරදීමය. පුරුෂයාගේ උදලු පහරකින් බිරිය මරණයට පත් කිරීමට හේතුවද ඇය තම දරුවන් අතවරයට පත් කිරීමට විරුද්ධ වීම බවට තොරතුරු පැවැසේ.
කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපති ඩී.එම්. අබේසේකර මහතා මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ අතර සැකකාර පියා දැරියන් දෙදෙනා දූෂණය කිරීමේ සිද්ධියේ තොරතුරු පොලිසිය අනාවරණය කර ගන්නා විට සැකකාර පියා බිරියට උදැල්ලකින් ගසා මරා දැමීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට තිබිණි.
මේ සිද්ධිය පිළිබඳ සමාජය නොදකින හා සමාජයට නෙපෙනෙන පැති කිහිපයක් තිබේ. මේ දැරියන් දෙදෙනා දූෂණය කළ බවට කියන සැකකාර පියා මවගේ දෙවැනි කසාදයයි. මියගිය මවගේ වයස අවුරුදු තිස්එකක් වන අතර සැකකාර පියාගේ වයස අවුරුදු හතළිස්එකකි. ඔවුන් දෙදෙනාගේ වයස් පරතරය අවුරුදු දහයකි.
සැකකාර පියා රැකියාවක් සිදුකර නොමැති අතර මත්පැන් බීම සඳහා බිරියගෙන් සල්ලි ඉල්ලා නිතර නිතර නිවෙසේ කෝලහාල ඇති වී තිබේ.
තම දියණියන් දෙදෙනා පියා අතින් දූෂණය වන බව පොලිසියට පැවැසීමට මියගිය මව අපොහොසත් වී තිබේ. එම සියලු තොරතුරු අනාවරණය වී ඇත්තේ මවගේ මරණයෙන් පසුවය.
මේ පිළිබඳ මාතර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා මෙසේ කරුණු පැහැදැලි කෙළේය.
මේ අතිශය ඛේදජනක සිදුවීමට මූලිකම හේතුව වශයෙන් එම පවුල් ඒකකයේ බිඳවැටීම හඳුනාගත හැකියි. වර්තමානයේ සිදුවූ මෙවැනි බොහෝ අපරාධ පිළිබඳ සමාජ විද්‍යාත්මක කෝණයකින් බලන කල ඒවාට හේතුව වී ඇත්තෙත් පවුල් ඒකකයක තිබිය යුතු මනා සබඳතාව කඩා වැටීම බව පැහැදිලියි.
පවුල් සංස්ථාවක මවුපියන් හැටියට බිරිය හා සැමියා අතර මවුපියන් හා දරුවන් අතර මනා සබදතාවක් නැති නම් මෙවැනි අපරාධ ශීඝ්‍රයෙන් වැඩි විය හැකිය. එබැවින් අප පවුල් සංස්ථාවේ යහපත් සබදතාවක් ඇති කිරීම වර්තමානයේ අත්‍යවශ්‍ය කරුණක් වී තිබෙනවා. එවැනි සබඳතාවක් ඇති කිරීමෙන් මෙවැනි අපරාධ රැසක් වළක්වා ගත හැකියි. දරුවන්ට පෙර පාසලකින්, විධිමත් පාසලකින් වගේම දහම් පාසල සහ ආගමික ආයතනවලින් යහපත් පුරවැසියකු වීමට ලැබෙන දැනුම හා සමාන දැනුමක් මවුපියන් ඔවුනට ලබා දිය යුතුය. මවුපියන්ගේ නිසි රැකවරණයකදී හැදෙන දරුවන් නොමඟට යන අවස්ථා ඉතාමත් අඩුයි. එබැවින් දරුවන් ඉදිරියේ මවුපියන් ඉතා ආදර්ශවත් විය යුතුමයි.
මේ අපරාධ සිදුකළ බවට සැක කරන සැකකාර පියා දැඩි ලෙස මත්පැන් පානයට පුරුදුව සිටි අයෙකි. මේ මවත් මත්පැන් පානය කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. දැරියන් දෙදෙනා දූෂණය වීම මවගේ දැනුම්වත් වීම මතයි සිදු වී තිබෙන්නේ. මේ මවගේ සහ පියාගේ තත්ත්වය මෙලෙස නම් මෙවැනි අපරාධයක් සිදුවීම අරුමයක් විය නොහැකිය.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Gossip Lanka Hot News Previous News Archive