රිසානාට මරණ දඩුවම දෙයි - Rizana Nafeek executed

හත් වසරක් සෞදි අරාබියේ සිරගත කොට සිටි ශ‍්‍රී ලාංකික තරුණියක වන රිසානා නෆීක් හට අද මරණ දඩුවම කි‍්‍රයාත්මක කර ඇතැයි වාර්තා වේ.

රියාද් නුවරට බටහිරින් කිලෝමීටර් 400ක් පමණ දුරින් පිහිටි දවාදමී නගරයේදී ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් අද (09) දහවල් 12ට පමණ රිසානා ගේ ගෙල සිඳ ලා ඇති බව සෞදි අරාබියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.මෙලෙස ඇයට මරණ දඩුවම පනවා ඇත්තේ ඇගේ භාරයේ සිටි සිව් මස් දරුවකු මිය යාමේ චෝදනාවට වරදකාරිය වු බැවිනි.
බාල වියේදී මෙහෙකාර කමට බඳවා ගනු ලැබූ රිසානා විසින් එම චෝදනාව ප‍්‍රතික්ෂේප කොට තිබුණි.
ළමා අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර ප්‍රඥාප්තියට අනුව බාල වයස්කාර දරුවන් හට මරණීය දණ්ඩනය පමුණුවාලීම තහනම්ය.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව රිසානා නෆීක් වෙනුවෙන් විනාඩියක ශෝක කාලයක් පැවැත්වීය.



රිෂානා ගේ නිවස හා පවුලේ අය


-සබැදි පුවත්-
1. රිසානාගේ මරණ දඬුවම 'ක්‍රියාත්මක වීමේ අවදානමක්'
2. රිසානාට නුදුරු දිනකම මරණ දඬුවම- නීතිපති

Gossip Lanka Hot News Previous News Archive