විපක්ෂ නායක හා පක්ෂයේ නඩත්තුවට ආණ්ඩුවෙන් මුදලක්

විපක්‍ෂ නායකවරයාගේ සහ විපක්‍ෂ නායක කාර්යාලයේ නඩත්තුව සඳහා අය-වැයෙන් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලයේදී බව හෙළිදරව් වේ. පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාර මහතා සඳහන් කරන ආකාරයට ඊට හේතු වී ඇත්තේ ආණ්ඩුව පවත්වාගෙන යෑමට රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලැබෙන සහයෝගයයි.

 මේ සහයෝගයට කළගුණ සැලකීමක් ලෙස ආණ්ඩුව මෙසේ විපක්‍ෂ නායකවරයාගේ සහ එම කාර්යාලයේ නඩත්තුවට වෙන් කරන මුදල පසුගිය වසරේ තවදුරටත් ඉහළ දමා ඇති බවද සඳහන් කළ මන්ත්‍රිවරයා, වැඩිදුරටත් අවධාරණය කළේ එවැනි විපක්‍ෂ නායකයකු කිසිසේත්ම ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂා කළ නොහැකි බවයි.

 අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය වියදම් 2012 අය-වැයට සාපේක්‍ෂව 2013 අය-වැයේදී අඩුකර තිබිණි

Gossip Lanka Hot News Previous News Archive