තමාට සිය පෙම්වතා විසින් පහරදුන්නේයැයි කියමින් මාධ්‍ය සංදර්ශනයක නිරතවූ නිරෝෂා විමලරත්න නොහොත් නයි නලගන සිය අරාබි ජාතික පෙම්වතා සමග වැල්ලම්පිටිය පොලිසියට පැමිණ දෙදෙනා සමාදාන වී ඇති බැවින් නීතිමය ක්‍රියාමාර්ගයක් අනවශ්‍ය බව පවසමින් ඇය විසින් අරාබි ජාතික පෙම්වතාට එරෙහිව පහරදුන්නේ යැයි සදහන් කරමින් කරතිබූ පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන තිබේ. මේ දෙදෙනා පොලිසියට පැමිණියේ නීතීඥයෙක් සමග බවත් සමාදාන වනබවට පොලිස පොතේ සටහන් තබා පිටව ගිය බවත් වැල්ලම්පිටිය පොලිසයේ නිළධාරියෙක් සදහන් කළේය.
තමාට පහරදීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ඇය මුලින් පොලිසියෙන් ඉල්ලා සිටියත් පොලිසියට දෙදෙනාම පැමිණියේ එකට බව එම නිළධාරියා කීය.
මීතොටමුල්ලේ විහාර මාවතේ නිවසින් දෙදෙනාම ඉවත්වන බවත් කොල්ලූපිටියෙන් නව නිවසක් මිලදී ගෙන ඇති බවත් ඔවුන් පොලිසියට පවසා ඇත.
-සබැදි පුවත්-
1. නයි නළඟන බෝතල් කටුවලින් කපා ඉරාන ජාතික පෙම්වතා පළා ගිහින්