කැලණියේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල වෙඩි පහරින් මරුට

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතා නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

සිය නිවස ඉදිරිපිට දී සිදුවූ මෙම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ මඩවල මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව තිබේ.

හසිත මඩවල මහතා පසුගිය කාල වකවානුව තුළ කැලණිය මැතිවරණය කොට්ඨාශයේ සිදුවූ දූෂණ, අක්‍රමිකතා ඇතුළු යම් යම් ගැටලු සම්බන්ධව කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සමග එක්ව හඬක් නැගූ පුද්ගලයෙකි.



කැලණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ මන්ත්‍රීවරුන් අතර පසුගිය කාලය තුළ පිල් බෙදීමක් සිදුවූ අතර ඝාතනයට ලක්වූ මඩවල මහතා ඒ අතරින් විකල්ප කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල සාමාජිකයෙකි.






Gossip Lanka Hot News Previous News Archive