නයි නළඟන බෝතල් කටුවලින් කපා ඉරාන ජාතික පෙම්වතා පළා ගිහින්

ඉකුත් දිනවල ආන්දෝලනාත්මක චරිතයක් වූ නයි නළඟන හෙවත් නිරෝෂා විමලරත්න අද (23) අළුයම් කාලයේ වැල්ලම්පිටිය ප‍්‍රදේශයේදී කැපුම් තුවාල සහිතව මහමග වැටී සිටියදී වැල්ලම්පිටිය පොලිසියට හමු වී තිබේ. වහාම ඇය කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ. 

              කොල්ලූපිටිය ක්ලියෝපැට‍්‍රා සමාජ ශාලාවේ නලඟනක වූ ඇය පසුගිය දිනවල ජීවත් වී ඇත්තේ ඇගේ ඉරාන ජාතික පෙම්වතා වන සුල්තාන් නැමැති අයත් සමගය.ඊයේ රාත්‍රියේ ද නිරෝෂා සිය පෙම්වතා සමග එකට සිට ඇතැයි පොලිසියට වාර්ථා වී තිබේ. දෙදෙනා අතර නිතරම ගැටුම් තිබී ඇත. ඉරාන ජාතික පෙම්වතා නිරෝෂා මගහැර යන්නට අවස්ථා ගණනාවක දී උත්සහ දරා ඇති අතර ඇය නිරතුරුව උත්සහ දරා ඇත්තේ පෙම්වතා සමග එකට ජීවත් වන්නටය.

                                    මේ නිසා දෙදෙනා අතර නිතරම අඬදබර හටගෙන තිබේ. ඊයේ (22) රාත්‍රියේ නිරෝෂා තුවාල ලබා ඇත්තේ බෝතල් කටු සහ නිය පහරවලින්ය.
 ඇගේ ගෙල ප්‍රදේශයේද සුළු කැපුම් තුවාල දකින්නට තිබූ බව වැල්ලම්පිටිය පොලිසිය කියයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිරෝෂා විමලරත්න රෝහල් පොලිසියට කටඋත්තරයක් ලබා දී ඇත. සැකකාර ඉරාන ජාතික පෙම්වතා අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලම්පිටිය පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ. නිරෝෂා විමලරත්නගේ තත්ත්වය ඒ තරම් බරපතල නැතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. මේ වනවිට නිරෝෂා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ 73 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පවසයි.

                                       ඇය රෝහල් පොලිසියට ලබා දී තිබෙන කටඋත්තරය අනුව සිය පෙම්වතා සමග අද (23) අළුයම 3.30 ට පමණ කොළඹ සමාජ ශාලාවේ සිට කොළොන්නාවේ පන්සලක් අසල පිහිටි නවාතැනකට ඇය පැමිණ තිබේ. තමන් විවාහ කර ගන්නා බවට පොරොන්දු දෙමින් මෙදිනත් සිය පෙම්වතා තමන් සමග අඹු සැමියන් ලෙස හැසිරෙන්නට උත්සහ කළත් තමන් ඊට ඉඩ නොදුන් බව ඇය පවසා ඇත.

                                    එම අවස්ථාවේදී පෙම්වතා තමන්ට පහර දී බෝතල් කට්ටකින් කපා තුවාල සිදු කළ බව ඇය කියයි. ගෙල මිරිකූ බවත් ඇය පවසා ඇත. එම අවස්ථාවේදී දෙදෙනා පොර බදන්නට පටන්ගත් බවත්,ඒ නිසා සීරීම් තුවාල සිදු වූ බවත් ඇය පවසයි. රෝහල් අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පවසන්නේ සීරිම් තුවාල ඇගේ ගෙලේ සහ අත්වල දකින්නට ඇති බවයි. අද (23) අළුයම 5.45 ට පමණ මීතොටමුල්ල හන්දියේ තරුණියක් වැටී සිටින බවට පොලිසියට පුද්ගලයකුගෙන් තොරතුරක් ලැබී ඇත. ඒ අනුව වැල්ලම්පිටිය පොලිසිය එම ස්ථානයට ගොස් තරුණිය ජීප් රථයට නංවා ගෙන ජාතික රෝහලට ගෙන ගිය ද මෙම තරුණිය නයි නළඟන නමින් ප්‍රසිද්ධ නිරෝෂා විමලරත්න බව පොලිසිය දැන සිට නැත. එම අවස්ථාවේ මෙම තරුණිය දැඩි ලෙස මත් වී සිටි බව පොලිසියට‍ පෙනී ගොස් තිබේ.


උපුටා ගැනීම - ලක්බිම පුවත් 

-සබැදි පුවත්-
 1. කොල්ලුපිටියේ ක්ලබ් එකේ නයි නළඟන කියන අමුතු කතාව
 2. නාග නළඟන නයා ඉල්ලයි, ඉහළ උසාවියටත් යන බව කියයි
 3. නයි කෙල්ල නයා එක්කන් යයි 
 4. මගේ පෙම්වතා නයා දුටු විට පැන දුවනවා
 5. නයි නළඟනගේ බොරු අතේ මාට්ටු.. මෙච්චර කල් එයා ඇරලා තියෙන්නේ "නයා" 
 6.ඇත්තෙන් ම නයි අඬනවාද?  නයි ඇරිය නයි නංගි  
7.නයි කෙල්ලගේ ඇත්ත පැටිගිරිය මෙන්න !

Gossip Lanka Hot News Previous News Archive