පකිස්තාන අගමැති රාජා පර්වේශ් අශ්රෆ් සහ තවත් 15 දෙනකු දූෂණ චෝදනාවලට අත්අඩංගුවට ගැනීමට පකිස්තානයේ ශේ්‍රෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. 2010 දී ජල සම්පාදන හා බල ශක්ති ඇමැති ලෙස සිටියදී බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක් අනුමත කිරීමට අල්ලස් ලබාගත් බවට නැඟෙන චෝදනා ඔහු ප්‍රතික්ෂේප කරයි. කෙසේ වෙතත් මේ නිසා ඔහු වහාම තනතුරෙන් ඉවත් කිරීමට හේතු නොවේ යැයි විචාරකයෝ පවසති.
ජනප්‍රිය අධ්‍යාත්මික නායක තහිරුල් කාඩ්රි දහස් ගණන් විරෝධතාකරුවන් පිරිසක් මෙහෙයවමින් ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කිරීමට පටන්ගෙන තිබේ. උසාවි නියෝගය ලැබීමත් සමඟ විරෝධතාකරුවන්් පී‍්‍රති ඝෝෂා කරමින් සතුට ප්‍රකාශ කළ බව විදෙස් ජනමාධ්‍ය පවසයි. වසර ගණනාවක් තිස්සේම පාකිස්තාන ආණ්ඩුව නීතියේ සහ මිලිටරි අංශයේ දැඩි පාලනයට හසුවී පවතින බව විචාරකයෝ පෙන්වා දෙති. අගමැතිවරයා අත්අඩංගුවට ගැනීමට උසාවිය නියෝග කොට ඇත්තේ වසරක පමණ කාලයක් තිස්සේ විභාග වන නඩුවකට බව පැවැසේ. කෙසේ වෙතත් මේ නිසා ඉබේම ඔහුගේ තනතුර අහෝසි නොවේ. එරට මැතිවරණය නුදුරේදී පැවැත්වීමට නියමිතව ඇත.