බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී ශ‍්‍රී ලංකාව ගැන ආයෙත් විවාද

වසර 30ක යුද්ධයෙන් පසුව සංවර්ධන ඉලක්ක කරා සිඝ‍්‍රයෙන් දිව යන ශ‍්‍රී ලංකාවට පූර්ණ සහාය ලබාදිය යුතු බව බි‍්‍රතාන්‍යයේ විදේශ කටයුතු සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය කටයුතු භාර අමාත්‍ය ඇලෙස්ටෙයාර් බර්ඞ් මහතා පවසනවා. දැනට කි‍්‍රයාත්මක සංවර්ධන සැලසුම් එලෙසින් කි‍්‍රයාත්මක කිරීමට ශ‍්‍රී ලංකාවට ඉඩදිය යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. එම සංවර්ධන සැලසුම්වලින් ශ‍්‍රී ලංකාව මෙතෙක් ලබා ගෙන තිබෙන ප‍්‍රගතිය ප‍්‍රශංසනීය බවද අමාත්‍යවරයා පැවසුවා.
 අමාත්‍යවරයා ඒ බව පැවසුවේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ඊයේ පැවති විවාදයකට එක්වෙමින්. ශ‍්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත මීළඟ පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජය නායක සමුළුවට බි‍්‍රතාන්‍යය සහභාගි විය යුතු දැයි එහිදී විවාද කෙරුණා. එල්.ටී.ටී.ඊයට පක්ෂපාතී අදහස් දරන මන්ත‍්‍රීවරියක් ලෙස සැලකෙන සිමෝන් මැග්ඩොනා මහත්මිය එහිදි කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත මීලඟ පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුවට බි‍්‍රතාන්‍ය සහභාගි නොවිය යුතු බවයි. 


ශ‍්‍රී ලංකාවේ වගවීමේ යාන්ත‍්‍රණය සම්බන්ධයෙන් තවමත් සෑහිමට පත්විය නොහැකි බව ඇය කියා සිටියා. දෙමළ වැසියන්ගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුව වඩාත් කැපවිය යුතු බවයි අවධාරණය කෙරුණේ. 

ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍යය නායක සමුළුවට බි‍්‍රතාන්‍ය සහභාගි නොවීම ඊට බලකිරීමක් වනු ඇතැයි ද ප‍්‍රකාශ කෙරුණා.විදේශ කටයුතු සහ පොදුරාජ්‍යය මණ්ඩලයීය කටයුතු භාර අමාත්‍ය ඇලෙස්ටෙයාර් බර්ඞ් මහතා ඊට ද ප‍්‍රතිචාර දැක්වුවා. ඒ, ශ‍්‍රී ලංකාව තවත් දිරිමත් කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවට බි‍්‍රතාන්‍ය සහභාගි වීම වැදගත් වනු ඇතැයි පෙන්වා දෙමින්.

Gossip Lanka Hot News Previous News Archive