මර්වින්ගේ ආචාර්ය උපාධිය පාතාලය සම්බන්ධවයි

‘‘අමාත්‍ය මර්වින් සිල්වාට ආචාර්ය උපාධි ලබාදුන්නේ මොකක් සම්බන්ධවදැයි රටේ ජනතාවට ප‍්‍රශ්නයක් තිබුණත්, මර්වින් සිල්වාට ආචාර්ය උපාධිය ලබා දුන්නේ පාතාලය සම්බන්ධව බව දැන් පෙනීගොස් තිබෙනවා’’ යැයි දකුණු පළාත් සභා මන්තී‍්‍ර නීතිඥ මෛතී‍්‍ර ගුණරත්න මහතා පවසයි.

‘‘ඒ විතරක් නොවේ මේ වගේ ඇමතිවරු දාගෙන තමයි අද මේ ආණ්ඩුව ගෙනියන්නේ. තමන්ගේ අයට මේ විදියට සලකන කොට අනිත් අය ගැන කවර කතාද? අද මේ ආණ්ඩුව තමන්ට පාලනය කරගන්න බැරි අයට විරුද්ධව කටයුතු කරනවා. නැත්නම් පන්නලා දානවා. නැත්නම් මරලා දානවා. අද රටේ නීතියක් නැති තත්ත්වයක් නිර්මාණය වෙලා.


මර්වින් සිල්වා දාලා රජයට විරුද්ධව අදහස් දරණ ආණ්ඩු විරෝධීන්ට මර්ධනයට විවිධ ආකාරයෙන් දියත් කරනවා. හැබැයි මේ විදිහට ගියොත් මේ ජනතා විරෝධී ආණ්ඩුවම විරුද්ධව පක්ෂ භේදයෙන් තොරව ජනතාව පාරට බැස්සවීමට කටයුතු කරනවා.’’ යැයිද මෛතී‍්‍ර ගුණරත්න මහතා ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් පැවසීය.

Gossip Lanka Hot News Previous News Archive