සිකුරාදා "කළු සිකුරාදාවක්" ලෙස ප්‍රකාශයට පත් කෙරේ

දෝශාභියෝග කමිටු වාර්තාව, ව්‍යවස්ථා විරෝධී ලෙස සම්මත කර ගැනීමට නියමිත  අද දිනය 'ජාතික කළු සිකුරාදාවක්' ලෙස 'නීතිඥ එකමුතුව' විසින් ප්‍රකාශයට පත්කර ඇත.අදදින, සියළු අධිකරණ වල කළු කොඩි සහ කළු බැනර් ඔසවා විරෝධය පළ කිරීමට එම සංවිධානය තීරණය කළහ.
නීතියේ ආධිපත්‍යය බිඳ වැටෙන පාලක රෙජීමය නිර්වස්ත‍්‍රව ඒකාධිපතිත්වයක් කරා ගමන් අරඹන අද දිනය ජාතික ශෝක දිනයක් බවත් ඒ වෙනුවෙන් තම නිවෙස් වල කාර්යාල වල වාහන වළ කළු කොඩියක් ඔසවා විරෝධය පළ කරන ලෙසත් 'නීතිඥ එකමුතුව' මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

Gossip Lanka Hot News Previous News Archive