තවත් ශ්‍රී ලාංකික තරුණයෙකුට මරණ දඩුවම නියම වේ

සිව් මසක් වයසැති පිරිමි ළමයෙකු  ඝාතනය කිරිමේ ‍චෝදනා මත මරණ දඩුවම හිමිවූ රිසානා නෆික් ගැන මුළු ලෝකයේම අවධානය යොමු වූ මෙකල තවත් ශ්‍රී ලාංකික තරුණයෙකුට මරණ දඩුවම නියම කරනු ලැබු පුවතක් කටාර් රාජ්‍යයෙන් වාර්තා වේ.
එසේ මරණ දඬුවම නියම කර ඇත්තේ, වෙන්ගඩාසලම් සුදේශ්කර් නැමැති 22 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකුට එරෙහිවයි.
කටාර්හි සේවයේ නියුතු ඉන්දියානු තරුණයෙකු පිහියෙන් ඇන ඝාතනය කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.
කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වෙන්ගඩාසලම් සුදේශ්කර් කටාර්හි රැකියාවක් සඳහා ගොස් ඇත්තේ 2010 වසරේ මාර්තු මාසයේදී වන අතර අදාළ ඝාතනය සම්බන්ධයෙන් ඔහුව සැකපිට  2011 වසරේ ජූනි මාසයේදී කටාර් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මරණ දඩුවම නියමව සිටින වෙන්ගඩාසලම් සුදේශ්කර්ගේ මව පැවසුවේ තම පුත්‍රයාට සමාව ලබාදීම සඳහා ඝාතනයට ලක්වූ ඉන්දීයානු තරුණයාගේ දෙමව්පියන් රුපියල් ලක්ෂ 35 ක වන්දි මුදලක් ඉල්ලා සිටින බවත් තමන්ට එම මුදල ගෙවීම සඳහා වත්කමක් නොමැති බවත් ය.
අදාළ තරුණයා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සම්බන්ධයෙන් වන සියලු තොරතුරු විදේශ කටයුතු අමාත්‍යංශය වෙත යොමුකර ඇති බවත් සුදේශ්කර් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය.

Gossip Lanka Hot News Previous News Archive