ජීවය ඇති තව ලොවක් තිබෙනවා “මනම්පිටි උල්කාශ්මය හොඳ සාධකයක්"
පසුගිය දෙසැම්බර් 29 දා පොළොන්නරුවේ මනම්පිටියට වැටුණු උල්කාශ්ම කොටසක තිබී ෆොසිල බවට පත්වූ ඇල්ගී සෛල ලෙස විශ්වාස කළ හැකි කොටස් හමුවී ඇතැයි එංගලන්තයේ බකිංහැම් විශ්විද්‍යාලයේ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ පවසයි.
එම උල්කාශ්ම කැබලි ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂයකින් පරීක්ෂා කිරීමේදී මෙම සාධක ලැබුණු බවත් එය පෘථිවියෙන් පිටත ජීවය පවතින බවට ලැබුණු ප්‍රථම සාධකය බවත් මහාචාර්ය වික්‍රමසිංහ වැඩිදුරටත් පවසයි.
මෙලෙස හමුවී ඇත්තේ ඩයටම ලෙස හඳුන්වන ඇල්ගී කොටස් බවත් ජීවීන් සහිත අභ්‍යන්තරික සාගරයකින් වෙන්වී වල්ගාතරුවක් සමග එය පැමිණෙන්නට ඇති බවත් ඔහු පවසයි. වසර ලක්ෂ ගණනක් සූර්යයා වටා භ්‍රමණය වෙමින් තිබූ මේ උල්කාපාත කොටසේ ජලය වාෂ්ප වන්නට ඇති බව ද මහාචර්ය වරයාගේ මතයයි.
-සබැදි පුවත්-
1. එලොවින් ආ ගල් නිසා කතක් ක්ලාන්ත වෙයි !
2.ප‍්‍රදේශ කිහිපයකින් ආකාශ වස්තු හමුවෙයි
3.කවුරුත් නොදැකපු ගලක් කවඩි ඇල්ල ගම්මානයේ නිවසක මිදුල