දෝෂාභියෝග වාර්තාව දේශපාලනීකරණය වෙලා - ජගත් සංවිධානය

දෝෂාභියෝගය යළි සලකා බලන්න


ශ‍්‍රී ලංකාවේ ස්වාධීන විනිසුරුවරුන්ට එල්ල වන තර්ජන නතර කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.මෙරට තුළ පසුගිය කාලයේ විනිසුරුවරුන්ට සහ නීතීඥවරුන්ට විවිධ බලපෑම් එල්ල වු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙයි.
මෙම තත්ත්වය ස්වාධීන අධිකරණ පද්ධතියක් පවත්වාගෙන යාමට තර්ජනයක් බව ඔවුන් පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වාධීන විනිසුරුවරුන්ගේ හා නිතීඥවරුන්ගේ විශේෂ ප‍්‍රකාශිකාවක වන ගේබි‍්‍රයල් ක්නවුල් විසින් ඊයේ (31) මේ බව ප‍්‍රකාශ කර ඇත.


අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝෂාභියෝගය පිළිබඳව ද දැඩි අවදානයෙන් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙයි.

අදාළ දෝෂාභියෝගය පිළිබඳ යළි සලකා බලන ලෙස ශ‍්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ඔවුන් සඳහන් කරයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දෝෂාභියෝග තේරීම් කාරක සභා වාර්තාව දේශපාලනීකරණය වී ඇති බැවින් විනිවිද භාවයකින් යුතුව අදාළ චෝදනා විමර්ශනය කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් පවසයි.

Gossip Lanka Hot News Previous News Archive