බීම පානය කිරීමෙන් අනතුරුව අනුභව කළ හැකි කෝප්ප පෙළක් පිළිබඳ පුවතක් නිව්යෝක් නගරයෙන් වාර්තා වේ.
ලොලිවෙයාර් ලෙස නම් කර ඇති මෙම නිෂ්පාදනය සාදා ඇත්තේ පළතුරු පෙක්ටින් වලින් වන අතර, හිඳන ලදූ උක් සීනි වලින් එයට පැණිරස එක් කර ඇත.
නිර්මාංශ හා ස්වභාවික රසකාරක පහකින් නිෂ්පාදනය කර ඇති මෙම කෝප්ප, එයට දැමූ කොක්ටේල් ඇතුළු පානයන් තවත් රසවත් කරන බවට ටුඬේ වෙබ් අඩවියේ දැක්වේ.
ඇමෙරිකාවේ පාසන්ස් නිර්මාණ පාසැලේ සිසුවියන් සිවුදෙනෙක් විසින් නිර්මාණය කර ඇති මෙම නිෂ්පාදනය නිව් යෝක් හි සමාගමක් වන ’ද වේ වී සී ද වර්ල්ඞ්’ විසින් නිෂ්පාදනය කර ඇත.
එක් රසයකින් යුත් වීදුරු 48ක පෙට්ටියක මිල ඇමෙරිකානු ඩොලර් 144ක් වන බවත්, මිලදීගැනීමෙන් දින තුනක් ඇතුළත මේවා පාචිච්චියට ගත යුතු බවත් විදෙස් වාර්තා වල දැක්වේ.
මේ වන විට නිව්යෝක් නගරයේ පමණක් අලෙවි වන මෙම නිෂ්පාදනය ඉදිරියේදී ඇමෙරිකාව පුරාවට බෙදාහැරීමට ’ද වේ වී සී ද වර්ල්ඞ්’ සමාගම බලාපොරොත්තු වෙයි.
මෙම වීදුරු දිරාපත් වන බැවින් ප්ලාස්ටික් කෝප්ප සඳහා වෙනුවට පරිසර හිතකාමී ආදේශකයක් වන බව එම සමාගම පෙන්වා දෙයි.