දැරිය නොදරුවියේදී අඹුවක් කරලා

වයස අවුරුදු 15 ක දැරිවියක් දෙමව්පිය බාරකාරත්වයෙන් පැහැර ගෙන ගොස් ඇය සමග අඹු - සැමියන් ලෙස සති 03 ක පමණ කාලයක් ගත කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි. අතවරයට ලක්ව ඇත්තේ හලාවත - තාලාඩිවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිවියකි. මෙම දැරිවිය මේ වන විට පාසල් අධ්‍යාපනය හමාර කර සිටී. ඉකුත් දෙසැම්බර් මස 15 වැනි දින ඥාති නිවසකට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති ඇය නැවතත් තම නිවසට පැමිණ නැත.


 ඇය සම්බන්ධයෙන් සොයා බැලූ ඇයගේ මව තම සියණිය අතුරුදහන්වී ඇතැයි දෙසැම්බර් 17 වැනි දින හලාවත පොලීසියේ පැමිණිල්ලක් කරමින් පවසා ඇත. මේ අතර දැරිවිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය බව කියන සැකකරු ඇයව කොළඹ ප්‍රදේශයට කැඳවා ගෙන ගොස් එහි නිවසක රැදී සිට ඇත.එම කාලය තුළ ඔහු හා තමන් සමග අඹු - සැමියන් ලෙස ජීවත්වූ බව දැරිවිය පොලීසියට පවසා ඇත. 

පසුව තමන්ට මව්පියන් දැකීමට අවශ්‍ය බව සැකකාර පෙම්වතාට දැරිවිය පවසා ඇත.ඒ අනුව ඉකුත් 06 වැනි දින සැකකරු දැරිවියව හලාවත නගරයේ බස් නැවතුම් පල දක්වා කැඳවා ගෙන පැමිණ ඇයට තමන්ගේ නිවසට යන ලෙස දන්වා ආපසු ගොස් ඇත. සති 03 ක පමණ කාලයක් අතුරුදහන්වී සිටි තම දියණිය නිවසට පැමිණි බව ඇයගේ මව විසින් හලාවත පොලීසියට දන්වා ඇත.ඒ අනුව දැරිවිය කැදවා ප්‍රශ්ණ කිරීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත. සැකකාර තම පෙම්වතා තමන්ව කැදවාගෙන ගොස් සිටි ස්ථානය හෝ ඔහුගේ ස්ථීර පදිංචියක් තමන් නොදන්නා බවද අතවරයට පත්ව සිටින දැරිවිය පවසා ඇත. හලාවත පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

Gossip Lanka Hot News Previous News Archive