විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ අරමුනින් ලංකා විදුලි බල මණ්ඩලය 2013 ඇස්තමේන්තුගත වියදම් වාර්ථාවක් ශ්‍රීලංකා මහජන උපයොගිතා කොමිෂන් සභාව වෙත යොමු කරයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සදහන් කර ඇත්තේ මෙවැනි වියදම් ඇස්තමේන්තු ගොනු කිරීමක අරමුණ එම වියදම් පියවීම සදහා ගාස්තු සංශෝධනයක් හෝ සහනාධාර ලබාගැනීමට කොමිෂන් සභාවේ අවධානය යොමු කරවීම බවයි.
ලංකා විදුලි බල මණ්ඩලය 2013 වසරේ ඇස්තමේන්තුගත වියදම් වශයෙන් රුපියල් බිලියන 268 ක් සදහන් කර ඇති බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙම ඇස්තමේන්තු මේ විට අධ්‍යනය කරමින් සිටින බවත්එම නිවේදනයේ දැක්වේ.
එම ඇස්තමේනතුව අධ්‍යයනය කර අතවශ්‍ය වියදම් පමණක් ඉතිරිකර සංශෝධිත වියදම් ඇස්තමේන්තුවක් කොමිෂන් සභාව විසින් සකසන අතර පසුව ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නම් එම සංශෝධිත ඇස්තමේන්තුව මත පදනම්ව ගාස්තු යොජනාවක් සකස් කර කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස යළි විදුලි බල මණ්ඩලයට දැනුම් දීම සිදුකෙරෙන බව ද මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
ඉන් අනතුරුව මහජනතාවගේ අදහස් විමසා ගාස්තු සංශෝධනය කිරීමක් සිදු කරන බව මහජන උපයෝගිතා අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දෙයි