ඉන්දියාව අන්තිම මොහොතේ ගෞරවය රැකගනී

පාකිස්ථානය සමග පැවති අවසන් එක්දින තරගයෙන් ලකුණු 10ක තියුණු ජයක් වාර්තා කිරිමට ඉන්දියාව සමත් විය.නමුත් තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2ට 1ක් ලෙස ජය ගැනීමට පාකිස්ථානය සමත් විය.දිල්ලිහිදි පැවති තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 43යි පන්දු 4කදී සියලුදෙනා දැවී ලබාගත් ලකුණු ගණන 167කි.නායක මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 36ක් ලබාගත් අතර සුරේෂ් රෙයිනා ලකුණු 31ක් ලබා ගත්තේය.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ සයිඩ් අජ්මාල් පන්දුවාර 9යි පන්දු 4කදි ලකුණු 24කට කඩුලු 5ක් ලබා ගැනීමට සමත්විය.මොහොමඩ් ඉර්ෆාන් කඩුලු 2ක් ලබා ගත්තේය.ලකුණු 168ක පහසු ජයග්‍රාහි ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි පාකිස්ථාන ක්‍රීඩකයින්ට එය පසු කර යාමට ඉන්දීය පන්දුයවන්නන් අවස්ථාව ලබා නොදුන්නේය.

ඒ අනුව සියලුම පාකිස්ථාන පිතිකරුවන් පන්දුවාර 48යි පන්දු 5කදී ලකුණු 157කට දවා ගැනීමට ඉන්දීය පන්දුයවන්නන් සමත් විය.පාකිස්ථානයේ අවසන් කඩුලු හතර ලකුණු 13ක් තුළ දැවීයාම විශේෂත්වයකි.නායක මිස්බා උල්-හක් ලකුණු 39ක් හා නසීර් ජම්ෂේඩ් ලකුණු 34ක් ලබා ගත්තේය.

පන්දුයැවීමේදි ඉෂාන්ට් ෂර්මා කඩුලු 3ක් දවාගත් අතර රව්චන්ද්‍රන් අශ්වින් සහ බහුවේෂ්වර් කුමාර් අතර කඩුලු 2බැගින් බෙදී ගියේය.ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනිට තරගයේ වීරසා සම්මානය හිමි වූ අතර පාකිස්ථානයේ නසීර් ජම්ෂේඩ්ට තරගාවලියේ වීරයා සම්මානය හිමිවිය.

Gossip Lanka Hot News Previous News Archive