උසාවි අවසරයෙන් සිය දිවි නසාගෙන

උපතින්ම බිහිරි, පසු කාලයකදී දෙනෙත්ද අන්ධ වූ බෙල්ජියම් ජාතික නිවුන් සහෝදරයන් දෙදෙනකුට තම තමන්ගේ කැමැත්ත මත සියදිවි හානි කර ගැනීමට නඩු තීන්දුවක් මඟින් අවසර ලැබී ඇත. 45 හැවිරිදි මෙම නිවුන් සහෝදරයන්ට වෛද්‍යවරයකු විස සහිත ඔෟෂධයන් එන්නත් කිරීමෙන් පසු දෙදෙනා මිය ගිය බව යූ. ඉසෙඩ් බ්‍රසල්ස් රෝහල් ආරංචි මාර්ග පැවැසීය. 

'ඔවුන් දෙදෙනාගේ කැමැත්තට ඉඩ ලැබුණේ එම දෙදෙනා අන්ධ හෝ බිහිරි නිසා නොවේ.
දෙදෙනාටම දෙදෙනා බලා ගැනීමට හෝ කට හඬවල් අසා ගැනීමට නොහැකි නිසා ඇතිවන දරාගත නොහැකි දුක නිසා යැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා පැවැසීය. 

මෙම දෙදෙනා (නම හෙළිකර නැත) දැඩි බැඳියාවකින් පසුවූ බවත් දෙදෙනාම එකම සේවා ස්ථානයක රැකියා කළ බවත් පවුලේ උදවිය පැවැසූහ. සුව නොකළැකි රෝගයක් නිසා මානසික පීඩා විඳින රෝගීන්ට සියදිවි තොර කර ගැනීමට සමහර රටවල අවසර දී ඇත. බෙල්ජියමෙහි මෙම නීතිය ක්‍රියාත්මක කෙරුණේ 2002 වසරේදීය.

Gossip Lanka Hot News Previous News Archive