හිරකරු ජාවාරමේ නායකයා පූසෙක්

සිරකරුවන්ගේ ජාවාරම් වලට හවුල් වූ සිව්පා සගයෙකු අල්ලා ගැනීමට බ්‍රසීලයේ අලගොස් ප්‍රාන්ත සිරගෙදර නිළධාරීහු සමත් වූහ.

මේ හවුල්කරු පූසෙකි.සිරගෙදරට ඇතුළු වන ගේට්ටුවෙන් රිංගා එන මේ අමුත්තා ගැන සැක සිතූ නිලධරයෝ අමුත්තා ‘අත්අඩංගුවට ගෙන‘ පරීක්ෂා කිරීමේදී පූසාගේ බඩ යට පිටතට නොපෙනෙන සේ එල්ලා තිබූ මල්ලක වූ ජංගම දුරකථනයක්,බුරුම කටු හා කියත් පටි ආදිය සොයා ගත්හ.


ජංගම දුරකථනය ඇතුළු අනෙකුත් ආම්පන්න කවර සිරකරුවෙකු වෙත ලැබීමට සූදානම් කර තිබුණේදැයි සොයා ගැනීමට බලධරයෝ අපොහොසත් වූහ. සිරකරුවන් 263 දෙනාගේම දායකත්වය මේ ජාවාරමට ලැබී ඇතැයි සැක කරයි. ප්‍රධාන සැකකරුවා පූසෙකු වීම නිසාම නිදහසට කරුණු විමසීමට හා සාක්කි ලබාගැනීමට මගක්ද නොමැති බව බලධරයෝ කීහ.

Gossip Lanka Hot News Previous News Archive