පෙම්වතා කියා සිතා ලිංගිකව හැසිරීමට ඉඩ දීලා, පසුව නඩු දාලා

පෙම්වතා බව අඟවමින් අඳුරේ කාන්තාවක් දුෂණය කිරීමේ වරදට දඬුවම් නියම වු පුද්ගලයෙකුගේ නඩුව යලි විභාගයට ගැනීමට කැලිෆෝනියා අභියාචනාධිකරණය තීරණය කර ඇත. ජුලියෝ මොරාලස් විසින් කාන්තාවගේ පෙම්වතා පිටව යන අයුරු බලා සිට බීමත්ව නිදා සිටි කාන්තාව සමඟ ලිංගික ක‍්‍රියාවක් අරඹා ඇත.

කාන්තාව පෙම්වතා පිටව ගිය බව නොදැන ඒ ඔහු යයි සිතා ඇත. පසුව ආලෝකයක් වැටීමෙන් සිය පෙම්වතා නොවන බව හඳුනාගෙන ඔහු තල්ලූ කර දමා එලවා ඇත.


සිදධිය සම්බන්ධයෙන් කාන්තාව පැවරූ නඩුවට වසර 3ක සිර දඬුවමක් ලබා දුන්නත් අභියාචනාධිකරණය 1872 නීතිය සලකා නඩුව යලි විභාගයට තීරණය කර ඇත. එම නිතිය අනුව නින්දේ සිටින හෝ නොදැනුවත් අයෙක් සමඟ ලිංගිකව හැසිරීම අපරාධයක් වන්නේ කාන්තාව විවාහක නම් සැමියා බව අඟවා එසේ කලොත් පමණි.

පෙම්වතා බව සිතා ලිංගික කාර්යයකට ඉඩ දීමට නීතියෙන් ආරක්ෂාවක් නැත. තල්ලූ කල බව කිවුවත් එවැන්නක් සිදු වී නැති අකර කාන්තාවගේ අකමැත්තෙන් කිසිවක් සිදු නොවූ බව මොරාලස්ගේ නීතීඥයන් කියා ඇත.

2009දී මෙවැනිම සිද්ධියකදී නිවුන් සොහොයුරා බව අඟවමින් ඔහුගේ පෙම්වතිය දුෂණය කල වරද පිලිගත් නිසා 25 හැවිරිදි පොලිස් නිලධාරියෙකු වූ ජෙරාඞ් රොඞ්රිගස් දඬුවම් ලැබුණත් දඩ ගෙවීමෙන් සිර දඬුවමෙන් බේරීමට හැකි විය. 19 වන සියවසේ මෙම නීතිය සංශෝධනය වී නැති නිසා අනෙකුත් ස්ත‍්‍රී දුෂකයන් සිරගෙදර සිටියදී මොරාලස් නිදහස් වනු ඇත.

මූලාශ‍්‍ර – 1 .California court overturns rape conviction because woman was unmarried

Gossip Lanka Hot News Previous News Archive