රිසානා නිදහස් කර ගන්නවා - ඩිලාන් පෙරේරා

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමති ඩිලාන් පෙරේරා මහතා අද පාර්ලිමේන්තුවේදී අපූරු කතාවක් සිදුකර ඇත. එනම් සෞදි අරාබියේ මරණ දඬුවමට නියමවී සිටින රිසානා නෆීක් නිදහස් කර ගන්නා බවයි.

ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ අද (09) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.00ට පමණය. නමුත් අද ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.00ට රිසානාගේ හිස ගසාදැමූ බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර තිබුණි.


එසේම මීට දින කිහිපයකට පෙර රිසානාගේ දෙමාපියන්ට දැනගන්නට ලැබී ඇත්තේ ඇය නිදහස්ව ගෙදර එන බවය. එම පුවත දැනගත් ඇගේ දෙමව්පියන් විසින් ජනාධිපතිවරයාට ස්තුති කර තිබුණි. ඒ තම දියණිය නිදහස් කරගැනීම සඳහා ජනාධිපතිවරයා සිදුකළ මැදිහත්වීමටය. ඒ පිළිබඳ ප්‍රවෘත්තියක් මෙම මස 07 දින (පෙරේදා) දිනමිණ පුවත් පතේ මුල්පිටුවේ පළවී තිබුණි.


Gossip Lanka Hot News Previous News Archive