Jan222013

ගර්භාෂය පිපිරී මව හා බිළිඳා මියයති

දරු ප්‍රසූතියක් සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කළ දෙදරු මවක් සිය තෙවැනි දරු උපතටත් පෙර ගර්භාෂය පිපිරී කුසේ සිටි දරුවා ද සමග ඊයේ ( 21) රාත්‍රියේ මිය‍ගොස් තිබේ.එම මව දරු ප්‍රසූතිය සඳහා බලපිටිය මූලික රෝහලට ඊයේ (21) සවස ඇතුළත් කර ඇත.

කෙසේ වෙතත් එම මවගේ කුසේ සිටි දරුවාගේ හිස ප්‍රමාණයෙන් විශාල ලෙස වැඩී තිබීම නිසා දරු ප්‍රසූතිය අපහසුවී තිබේ.වෛද්‍යවරුන් වැකුම් ක්‍රමය යටතේ දරුවා ගර්භාෂයෙන් පිටතට ගැනීමට දැරූ උත්සහය ද ව්‍යර්ථ වී ඇත.පැය 1.30 ක කාලයක් එසේ වෛද්‍යවරුන් විසින් දැරූ උත්සහය අසාර්ථක වී ඇති අතර මේ හේතුවෙන් දරුවා මියගොස් තිබේ.


ඒත් සමග මවගේ ගර්භාෂය ද පුපුරා අධික ලෙස ලේ ගැලීම නිසා ඇය ද මියගොස් ඇතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් මියගිය මවගේ ඥාතීන් බලපිටිය රෝහල ඉදිරිපිටට අද උදේ වරුවේ සිට රැස් වී ශෝක වෙමින් සිටින අතර දරුවාගේ හිස ප්‍රමාණයෙන් වැඩි බව දැන දැනත් වෛද්‍යවරුන් විසින් සිසෙ‍්රියන් සැත්කමක් නොකර දරුවා පිටත‍ට නොගත්තේ මන්දැයි ඔවුන් මැසිවිලි නගති.

මෙසේ දරු ප්‍රසූතියෙන් පසු මියගොස් ඇත්තේ බලපිටිය, බ්‍රාහ්මන වත්ත, විජයාරාම පාරේ පදිංචි විජයමුණි සමන්ති නැමැති 34 හැවිරිදි විවාහක කන්තාවකි.මියගිය කාන්තාවගේ සැමියා ධීවරයෙකි. ඔහු මේ වනවිටත් ඈත දියඹේ මසුන් මැරීමේ කටයුත්තේ යෙදී සිටී. සිය බිරිඳ සහ ඇයට උපන් දරුවා මියගිය බව මෙතෙක් ඔහු නොදන්නා බව වාර්තාවේ.

මියගිය කාන්තාව දෙදරු මවකි. ඇයට වයස අවුරුදු 14ක පිරිමි දරුවෙක් සහ 11ක ගැහැණු දරුවෙක් සිටී. තුන් වැනි දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත වීමෙන් අනතුරුව මෙම ඉරණමට ඇය මුහුණ දී තිබේ.

මෙම ද්විත්ව මරණ සම්බන්ධයෙන් බලපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි ඩී.එස්.ජාගොඩ මහත්මිය විසින් පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී තීරණයක් ප්‍රකාශ වී නැත.

වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරු දෙක ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල වෙත අද උදේ යවා ඇත.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Gossip Lanka Hot News Previous News Archive