නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුව කළ විරෝධතාව නොසන්සුන් වෙයි

නීති ප්‍රවේශ විභාගයේදි අක්‍රමිකතා සිදුවූ බව පවසමින් සිසුන් පිරිසක් අද සංවිධානය කළ විරෝධතාව අතරතුර නොසන්සුන් තත්ත්වයක් හට ගැනිණි.ඒ ඔවුන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුලත්විමත් සමගිනි.2012 නීති ප්‍රවේශ විභාගයේදි අක්‍රමිකතා සිදුවූ බව පවසමින්, නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුව විරෝධතාව දුම්රිපල ඉදිරිපිටින් ආරම්භ කළේය.පසුව සිසුන් පාගමනින් ශ්‍රී ලංකා නීති විද්‍යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත විය.

මෙවර සිංහල මාධ්‍යයෙන් විභාගයට පෙනීසිට සමත් සිසුන් සංඛ්‍යාව පහළ මට්ටමක පවතින බවට විරෝධතාවට එක්වූ සිසුන් පෙන්වා දෙන්නේය.එමෙන්ම ප්‍රතිඵල නිකුත් කළ ලේඛනයේ සමත් සිසුන්ගේ ලිපින සදහන් නොවීම සම්බන්ධයෙන් ද සිසුන් විරෝධය පල කළේය.ඔවුන් පවසන්නේ 2012 නීති ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල විකෘති වී ඇති හෙයින් යළි විභාගය පවත්වන ලෙසය.

ඉහත කරුණුවලට විරෝධය පල කරමින් පැවති උද්ඝෝෂණය අතරතුර ශ්‍රී ලංකා නීති විද්‍යාලයට යොදවා තිබූ ආරක්ෂක රැකවල් නොතකා සිසුන් ඊට ඇතුළු විය.නොසන්සුන් තත්ත්වය වර්ධනයවත්ම සිසුන් 5දෙනෙකුට නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා හමුවී සාකච්ඡා කිරිමට අවස්ථාව ලබා දුන්නේය.තමන්ට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා එම සාකච්ඡාවේදි පැවසු බව අප කළ විමසීමකදී නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුව පැවසීය.ඔවුන් පැවසුවේ 2012 නීති ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල ලේඛනයේ සිසුන්ගේ ලිපිනයන් සදහන් නොවීම සම්බන්ධයෙන් කරුණු විමසීමේදි ආදළ ලිපිනයන් සහිත ප්‍රතිඵල ලේඛනයක් ඔහු තමන් වෙත ලබාදුන් බවය.

ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව නීති ප්‍රවේශ එකමුතුව පැවසීය.



-සබැදි පුවත්-
1.Law Entrance Paper Leak

Gossip Lanka Hot News Previous News Archive