ශිරාණි යළි පත් කරන්නැයි ජාත්‍යන්තරයෙන් ඉල්ලීම්

හිටපු අගවිනිසුරු ශිරාණි බන්ඩාරණායක මහත්මියට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් එල්ල කර ඇය ධුරයෙන් පහ කිරීම ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම හෙළා දකියි.එම සංවිධානය මේ බව සදහන් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක්ද යොමුකර තිබේ.
හිටපු අගවිනිසුරුවරිය ධුරයෙන් නෙරපා හැරීම ව්‍යවස්ථා විරෝධී බැවින් යලී ශිරාණි බණ්ඩාරණායක මහත්මිය සේවයෙහි පිහිටුවන ලෙස එම සංගමය මෙම ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
විනිසුරුවරයෙකු ඉවත් කිරීමි හා බැදුනු ජාත්‍යන්තර නියමයන් ඇති බවත් එකසත් ජාතීන්ගේ සංවිධානය දක්වා ඇති අධිකරණයේ ස්වාධිනත්වය පිළිබද නියමයන්ට මෙහිදී ගරුකළ යුතු බවත් මෙම සංවිධානය පෙන්වා දෙයි.


එමෙන්ම ලක් රජය ගෙන ඇති මෙම තීරණය මගින් පොදුරාජ්‍ය මණ්ඩලීය එකගතාද කඩකර ඇති බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම පවසයි.

හිටපු අගවිනිසුරුවරියට එරෙහිව දොෂාභියෝග යෝජනාව ඉදිරිපත්වු දින එනම් 2012 නෙවැම්බර් 1 වන දින සිට ඇය ධුරයෙන් පහ කිරීම දක්වා සමස්ථ ක්‍රියාවලිය පිළිබද පුර්ණ වාර්තාවක් මෙම ලිපියේ දක්වා තිබේ.

මෙම ලිපියට ලොව පුරා විවිධ රටවල විනිසුරුවරු ඇතුලු නීතිවේදීහු 50 කට අධික පිරිසක් අත්සන් තබා තිබේ.

Gossip Lanka Hot News Previous News Archive