අලුත් අගවිනිසුරු පිළිගන්නේ නෑ - නීතිඥ සංගමය

ජනාධිපතිවරයා විසින් අලුතෙන් පත් කරන අගවිනිසුරු පිළිනොගන්නා බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කරයි.එම සංගමය මේ බව පැවසුවේ අද (14) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න මහතා සඳහන් කර ඇත්තේ, අලුතෙන් පත්කරන අගවිනිසුරු කවුරුන් වුවත් නීතීඥ එකමුතුව එය නොපිළිගන්නා බවත්, එවැනි පත්කිරීමකට එරෙහිව නීතිමගින් ක්‍රියා කරන බවත්ය.එසේම ජනපතිට එරෙහිව නීති මගින් ක්‍රියා කළ නොහැකි වුවත්, ජනාධිපති විසින් පත් කරන පුද්ගලයාට එරෙහිව නීති මගින් ක්‍රියා කළ හැකි බවය.


මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා ජනාධිපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරා, ජේ. සී. වැලිඅමුණ, ලාල් විජේනායක සහ චන්ද්‍රපාල කුමාර යන නීතිඥවරුද සහභාගිවී සිටියහ.

Gossip Lanka Hot News Previous News Archive