නැතිවූ නිධානය ඉන්දියාවෙන් හමුවෙයි.

විශිෂ්ට සිංහල සිනමා කෘතියක දශක ගණනාවක් තිස්සේ අතුරුදහන්ව පැවැති සේයා පිටපතක් සොයා ගැනීමට හැකිවී තිබේ.
1972 දී තිරගත වූ නිධානය එම වසරේ වැනිසියේ චිත්‍රපට උළෙලේදී වසරේ දෙවැනි විශිෂ්ඨතම සිනමා කෘතිය ලෙසින් පිදුම් ලැබුවේයදෙස් විදෙස් සම්භාවිත නිධානය චිත්‍රපටයේ පිටපතක් හමුවූයේ ඉන්දීය ජාතික චිත්‍රපට සංරක්ෂණායතනයේ (Indian National Film Archives) තිබී.

එම උළෙලේදී එම වසරේ හොඳම චිත්‍රපටය ලෙසින් සම්මාන ලැබුවේ චාර්ලි චැප්ලින්ගේ නිර්මාණයක්.
මුදල් ගෙවා ඉන් පිටපතක් මිලදී ගැනීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් ඉදිරිපත් නොවන්නේ නම් වඩා හොඳ සංරක්ෂණ පහසුකම් ඇති විදේශීය ආයතනයකට නිධානය ලබා ගැනීමේ අවස්තාව ලබා දීමට සිදුවන බවයි මහා සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිසුන්  කියා සිටි.

Gossip Lanka Hot News Previous News Archive