වීදුරු බෝතල් වල බීම බොන්නේ බලාගෙන

වීදුරු බෝතල් වල ඇසිරූ ඇතැම් සිසිල් බීම පරිභෝජනයට නුසුදුසු තත්වයෙන් පැවතිය හැකි බවට තොරතුරු අනාවරණය වේ.
වි‍ශේෂයෙන්ම මෙම වීදුරු බෝතල් වල ඇති සිසිල් බීම අවස්ථා ගණනාවකදී යලි පුරවා වෙළද පොලට එවන බැවින් ඒවා නිසි ලෙස පිරිසිදු කරන්නේ ද යන්න පිළිබදව ගැටළු මතුවන බව පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය පෙන් වා දී තිබේ.

මේ සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට දැනටමත් ලැබී ඇති අතර ඇතැම් බෝතල් වල කෘමි සතුන් සිටීම සහ මළ බැදුන ද්‍රව්‍යයන් තැන්පත් වී තිබීම පිළිබදව වන පැමිණිලි ද මේ අතර වන බව සදහන් වේ.



මේ ආකාරයට පසු ගිය දා නුගේගොඩ ප්‍රදේශයේ වෙළද සැලකදී ස්ප්‍රයිට් බීම බෝතලයක් පිපිරීමෙන් කාන්තාවක් තුවාල ලැබූ බවට වන පැමිණිල්ලත් සම්බන්ධයෙන් ද පාරිභෝගික අධිකාරිය විමර්ශනය කරමින් සිටි.මෙලෙස පරිභෝජනයට නුසුදුසු ආකාරයේ සිසිල් බීම බෝතල් ඇත්නම් වහාම දන්වන ලෙස පාරිභෝගික අධිකාරිය ජනතාවගෙන් ඉල්ලයි.

Gossip Lanka Hot News Previous News Archive