ආණ්ඩුව තනියම බෙරේ ගහයි -දෝෂාභියෝග විවාදය 10-11:ඡන්දය 11



විපක්ෂයේ පක්ස නායකයින් පක්ෂ නායක රැස්වීමෙන් නැගිට ගිය පසු එම රැස්වීමේ ඉතිරිවී සිටි ආණ්ඩුපක්ෂයේ පක්ෂනායකයන් දෝෂාභියෝග යෝජනාවේ සඳහන් චෝදනා විමර්ශනය කිරීමට පත්කළ කමිටුවේ ආණ්ඩුපක්ෂ නියෝජිතයින් 07දෙනා පමණත් අත්සන් කර ලබාදුන් වාර්තාව විවාදයට ගැනීමට දින නියමකරගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වන නියෝජ්‍ය කතානායක චන්දිම විරක්කොඩි මහතා පවසන පරිදි ජනවාරි 10 සහ 11 දෙදින තුළ එම වාර්තාව විවාදයට ගෙන 11වනදා සවස 6.30ට ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය.

Gossip Lanka Hot News Previous News Archive