ගින්නලිය විදුහල ළඟ කඳුළු ගඟක්‌ වුණු හැටි..

විදුහල ඉදිරිපිටදී සිසුවා මරා ලොරිය පනී
 බෙරලපනාතර, ගින්නලිය මහා විද්‍යාලය ඉදිරිපිටදී 2 වසර ඉගෙනුම ලබන පාසල් සිසුවකු ලොරි රථයකට යටවීමෙන් එම ස්‌ථානයේදීම මිය ගොස්‌ ඇත.ඊයේ (08 දා) දහවල් පාසල නිමවී මහාමාර්ගයට පැමිණි අවස්‌ථාවේ අධික වේගයෙන් පැමිණි ලොරි රථයට යටවීමෙන් මෙම සිසුවා අවාසනාවන්ත ලෙස මියගොස්‌ තිබේ.මෙසේ මියගොස්‌ ඇත්තේ ගින්නලිය මහා විද්‍යාලයේ 2 වැනි ශ්‍රේණියේ ශිෂ්‍ය සුසර විශ්මිත (7) නමැති දරුවෙකි.අනතුර සිදුකළ ලොරි රථයේ රියෑදුරා පලාගොස්‌ ඇති අතර සැකකරු සොයා පොලිසිය මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කර ඇත.

පාසල ඉදිරිපිට මාර්ගය කාපට්‌ කර ඇති අතර, වාහන පාසල ඉදිරිපිටදී අධික වේගයෙන් ගමන් කරන බවද ප්‍රදේශවාසීහු පවසති.

අනතුරු සිදුවීමට ඉඩ ඇති බැවින් විදුහල්පතිවරයා ඇතුළු ප්‍රදේශවාසීන් පාසල ඉදිරිපිට මාර්ග බාධක යොදන ලෙස කොතෙක්‌ ඉල්ලීම් කළද බලධාරීන් මෙතෙක්‌ පියවරක්‌ ගෙන නොමැති බවද පැවසේ. මේ මාරක අනතුරින් පසු ප්‍රදේශවාසීහු පාසල ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක්‌ පැවැත්වූහ.
ඌරුබොක්‌ක පොලිස්‌ වසමේ, ගින්නලිය, විද්‍යාලය ඉදිරිපිටදී ලොරි රථයකට යටවීමෙන් මියගිය එම විද්‍යාලයේ දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සුසර විශ්මික (06) දරුවාගේ දේහය අසල හඬා වැළපුණ පියා සහ ආච්චි අම්මා ඡායාරූපයේ දැක්‌වේ.


මෙම අනතුර සිදුවූ ස්‌ථානය අනතුරුදායක බැවින් පාසල් ගුරුවරුන් හා දෙමාපියන් කලක සිට කහ ඉරක්‌ පාර හරහා ඇඳ දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද එය ඉටු වී නැත.
අනතුර සිදුවූ මොහොතේ රැස්‌වූ පිරිස පාර අවහිර කර විරෝධතාවක නිරතවූ අතර රජයේ දෙපාර්තමේන්තුවකට අයත් ලොරි රථය හා රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Gossip Lanka Hot News Previous News Archive