බස්වල සිඟමන් යැදීම හෙට සිට තහංචි

පෞද්ගලික බස් රථවල සිඟමන් යැදීම සඳහා හෙට (01) සිට අවස්ථාව ලබා නොදීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.බස් රථවල ගමන් කරන මගීන්ට සිදුවන හිරිහැර හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

ඒ අනුව හෙට දිනයේ සිට පෞද්ගලික බස් රථවල සිඟමන් යැදීම, වෙළඳාම් කිරීම, දේශන පැවැත්වීම සහ මුදල් එකතු කිරීම සඳහා අවස්ථාව ලබානොදෙන බව හෙ‍තෙම පවසයි.එය නොසලකා හරිමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලීසියෙන් ඉල්ලීමක් කර ඇති බව ද ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.


මීට පෙරාතුව ද බස් රථවල සිඟමන් යෙදීම හා මුදල් එකතු කිරීම තහනම් කළ බවට වාර්තා පළ වුවද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවූ බව පැහැදිළිය.

Gossip Lanka Hot News Previous News Archive