රිසානාගේ මරණ දඬුවම 'ක්‍රියාත්මක වීමේ අවදානමක්'

හත් වසරක් සෞදි අරාබියේ සිරගත කොට සිටින ශ්‍රී ලාංකික තරුණියකට පනවා ඇති මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ අවදානම පහව ගොස් නැති බව මානව හිමිකම් ක්‍රියාධාරීහු පවසති.

මිනී මැරීමේ චෝදනා නගා බන්ධනාගාර ගත කරනු ලැබූ මුත්තුර් සිට සෞදියේ සේවයට ගිය රිසානා නෆීක් ගේ සුවදුක් වෙනුවෙන් වෙහෙසෙන දොස්තර කිෆායා ඉෆ්තිකාර් බීබීසී සංදේශයට කියා ඇත්තේ රිසානා ගේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නට යන බවයි.රිසානා නෆීක්ට මරණ දඬුවම ලබා දීමට යන බව මේ වනවිටත් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයට සෞදි බලධාරීන් දන්වා යවා ඇති බවයි ඇය කියා ඇත.
කෙසේ වෙතත් අධිකරණ අමාත්‍යාංශය පසුගිය සතියේදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් කළ ඉල්ලීමක් පරිදි සෞදි රජතුමා රිසානාට සමාව දීමේ ඉඩක් තිබෙන බවයි.

රිසානා එතැයි බලා සිටින නෑසියන්

ඉකුත් දෙසැම්බරයේදී ශ්‍රී ලංකාවේ නීතිපතිවරයාද සෞදි අරාබියට ගොස් එරට විදේශ අමාත්‍යාංශය හමුවී මේ පිළිබඳව ඉල්ලීමක් කළ බව රජය ප්‍රකාශ කර තිබුනි.

වසර 2005 දී රිසානා සිරගත කොට මරණීය දණ්ඩනය පනවනු ලැබුවේ ඇගේ භාරයේ සිටි සිව් මස් දරුවකු මිය යාමේ වරදට.

බාල වියේදී මෙහෙකාර කමට බඳවා ගනු ලැබූ රිසානා විසින් චෝදනාව ප්‍රතික්ෂේප කොට තිබේ.

Gossip Lanka Hot News Previous News Archive