අද (14) අළුයම ඇරඹි ’කුම්බ් මේලා’ උත්සවයත් සමග ඉන්දියාවේ අලහබාද් නගරයට පූජකවරුන් ඇතුළු හින්දු භක්තිකයන් සියදහස් ගණනක් රැස් ව ඇතැයි වාර්තා වේ.ඉන්දීය පුරාණ ප්‍රවාද වලට අනුව එරට ශුද්ධ ගංගා ත්‍රිත්වය වන ගංගා, ජමුනා හා සරස්වතී එක්වන ස්ථානය ’සංගම්’ ලෙස හැඳින්වේ.
’කුම්බ් මේලා’ උත්සවයට ’සංගම්’ වෙත රැස්වෙන හින්දු භක්තියන් මෙම ස්ථානයේ ස්නානය කරන අතර, මෙම ශුද්ධ ජලයේ ස්නානය කිරීමෙන් සිය පව් සෝදාගත හැකි බව ඔවුන් විශ්වාස කරයි.අර්ධ කුම්බ් මේලා උත්සවය සෑම සය වසරකට වරක් හරිද්වාර් හා අලහබාද් නගර වලදී සැමරෙන අතර, පූර්ණ කුම්බ මේලා උත්සවය සෑම දොළොස් වසරකට වරක් හරිද්වාර්, උජ්ජායින්, නාෂික් හා අලහබාද් නගර වලදී පැවැත්වේ.
පූර්ණ කුම්බ මේලා උත්සව 12කට පසුව, එනම් වසර 144කට වරක් උදාවෙන මහා කුම්බ මේලා උත්සවය පැවැත්වෙන්නේ අලහබාද් හිදීය.
අදින් ආරම්භ වන පූර්ණ කුම්බ මේලා උත්සවය දින 55ක් පුරාවට පැවැත්වීමට නියමිත අතර, මේ සඳහා මිලියන 100කට අධික ජනකායක් අලහබාද් නුවරට පැමිණෙනු ඇති බව ඉන්දීය මාධ්‍ය වල දැක්වේ.
මීට කලින් වසර 2001 දී පැවැත්වුනු කුම්බ මේලා උත්සවයට මිලියන 40කට ජනකායක් රැස්වූ අතර, එය මිහිපිට මත එක්රැස් වූ විශාලතම ජනකාය ලෙස සැලකේ.
කුම්බ මේලා උත්සවය සඳහා පැමිණෙන වන්දනාකරුවන් සඳහා වෛiවරු 243ක් සහිත තාවකාලික රෝහල් 14ක් ද වැසිකිළි 40,000ක් ද අලහබාද් නුවර ඉදිකර ඇති බවත්, උත්සවය කාලය තුළ ආරක්ෂක අංශ සාමාජිකයන් 30,000කට අධික ප්‍රමාණයක් සේවයේ යොදවා ඇති බවත් විදෙස් වාර්තා වල දැක්වේ.