වයස අවුරුදු 1 ½ ක් වන සිය සිඟිති දියණියට අමානුෂික ලෙස පහර දී ඇය ඊයේ (04) ඝාතනය කොට පළා ගොස් සැඟ වී සිටි සැකකාර පියා ගෙළ වැළලා ගෙන මියගොස් සිටියදී ඔහුගේ සිරුර පිළියන්දල පොලිසිය විසින් අද (05) උදේ සොයා ගෙන ඇත.
පියාගෙන් අමානුෂික ලෙස පහරකා මියගියේ පිළියන්දල පොලිස් වසමට අයත් නිවුන්ගම පදිංචි වී සිටි නෙල්කි සලෝමි නැමැති වයස අවුරුදු 1 ½ ක දැරියයි.
ඇයට පහර දී මරා දමා ගෙළ වැළලා ගෙන සියදිවි නසාගෙන ඇත්තේ එම ස්ථානයේ පදිංචි වී සිටි දැරියගේ පියා යැයි කියන මද්දුම කළුගේ සුනිල් ජයකොඩි නැමැති 34 හැවිරිදි පුද්ගලයෙකි.

මද්දුම කලුගේ සුනිල් ජයකොඩි නැමැත්තා නාවික හමුදාවේ කාර්මික අංශයේ සේවය කළ සෙබළෙකි. මොහු පදිංචි වී සිට ඇත්තේ පිළියන්දල පළාතේය. එම අවධියේ මොහු විවාහකයෙකි. ඔහු විවාහ වී සිටියේ රුක්ෂිකා තිළිණිගේ පුංචි අම්මාගේ දියණියක සමඟින් ය. එනම් රුක්ෂිකාගේ ඥාති සහෝදරියක් සමගයි.

දිනක් එවැනි අළුත්වැඩියා කටයුත්තකට පැමිණි අවස්ථාවේ නිවසේ පසුවූයේ රුක්ෂිකා තිළිණි පමණී. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සුනිල් ජයකොඩි, රුක්ෂිකා සමග අඹු සැමියන් වශයෙන් එක් වූයේය. ඒ වනවිට රුක්ෂිකා තිළිණිට වයස අවුරුදු 16කි. ඇය බාල වයස්කාරියකි. සිය දියණියගේ කැමැත්ත ඇතිව හෝ නැතිව සිදු වූ මෙම අපරාධය රුක්ෂිකා තිළිණිගේ මව විසින් පිළියන්දල පොලිසියට පැමිණිලි කළාය.

අනතුරුව උසාවිය හමුවට පමුණුවා රිමාණ්ඩ් බන්ධනාගාරගත කෙරිණ. උසාවිය මගින් රුක්ෂිකා තිළිණි ද පරිවාස භාරයට පත් කළේය.
ඇය සිය කුළුදුල් දැරිය පරිවාස භාරයේ දී ප්‍රසූත කළාය. ඇයට නෙල්කි සලෝමි යන නම තබනු ලැබීය. රිමාණ්ඩ් භාරයෙන් ඇප මත නිදහස් වී පැමිණි සුනිල් ජයකොඩි විදුලි කාර්මිකයෙකු ලෙස සේවය කරන්නට පටන් ගත්තේය.
මේ අතරවාරයේ ඔහු විවාහ වී සිටි රුක්ෂිකා තිළිණියේ ඥාති සහෝදරිය සුනිල්ගෙන් දික්කසාද වී මැදපෙරදිග රටක රැකියාවක් ලැබ එහි ගියේ සිය දරු දෙදෙනාගේ අයිතිය සුනිල්ටම පවරා දෙමින් ය.
මීට මාස තුනකට පමණ පෙර සුනිල් ජයකොඩි තමා විසින්ම අතවර කොට, ඒ හේතුවෙන් දියණියකද ලබා සිටි 19 හැවිරිදි රුක්ෂිකා තිළිනි සමග විවාහ වූයේය. අනතුරුව පෙර විවාහයේ දරුවන් දෙදෙනාද කැටුව රුක්ෂිකා තිළිණි හා ඇගේ දරුවා ද සමග එක වහළක් යටට එකතු වූහ.
කෙසේ වෙතත් සුනිල් ජයකොඩිගේ හිත ඇතුලේ නෙල්කි සලෝමි දියණිය සම්බන්ධයෙන් පැවතියේ හෙළි නොකළ මහා කෝපයකි. තමන්ට නාවික හමුදාවේ රැකියාව අහිමි වී, හිරේ තපින්නට පවා සිදු වූයේ නෙල්කි සලෝමි නිසා යැයි ඔහුට වරින්වර මතකයට නැගුනේ නිවස තුළ දී ඇය නෙත ගැටෙද්දිය. එවිට මොහු රකුසු වෙස් ගනී.

තමන්ගේ රැකියාව අහිමි වී හිරේ යන්නට සිදු වූ තවත් නිමිත්තක් හැටියට රුක්ෂිකා තිළිණි දකින සුනිල් ජයකොඩි ඇයට ද පහර දීමට පටන් ගනී. මේ ආකාරයට සිදුකළ පහරදීම් හේතුවෙන් නෙල්කි සලෝමිගේ අතක් කැඩී ගියේය.
එහෙත් ඊට නිසි ප්‍රතිකාර ලබා දීමක් සිදු නොකෙරිණ. සිද්ධිය වූ ඊයේ (04) ද දරුවාට කෑම කවන මුවාවෙන් දරුණු විදිහට සුනිල් විසින් පහර දුන්නේය. පහරකෑමෙන් බරපතල ලෙස ඇගේ මුහුණට තුවාල සිදු වී තිබිණ. දැරිය හුස්ම නොගන්නා නිසා රුක්ෂිකා තිළිණි ඇතුළු අසල්වැසියන් දැරියද රැගෙන පිළියන්දල මූලික රෝහලට ගෙන යද්දිත් නෙල්කි සලෝමි මේ කෲර ලෝකයෙන් නික්මී ගොස් අවසන් ය.
මේ අතරේ සැකකාර සුනිල් ජයකොඩි අතුරුදන් විය.පොලිසිය ඔහු අල්ලන්නට දැළ එලුවේය. ඔහු ගැවසුන බව කියන සෑම තැනකටම පොලිස් ඔත්තුකරුවන් යොදවනු ලැබුවේ සාහසිකයා කොටුකර ගන්නටය. එහෙත් සුනිල් ගැන කිසිම හෝඩුවාවක් අද (05) උදෑසන දක්වා දැන ගන්නට පොලිසියට නොහැකි විය.

නෙල්කි සලෝමි දැරියගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අද (05) උදේ සිදුකෙරිණ. එහිදී අනාවරණය වූයේ දැරියගේ මුහුණට බරපතල ලෙස පහර දී ඇති බවයි. අගේ අතක් කඩා දමා ඇත.
දැරියගේ ලිංග පෙදෙස සහ ගුද මාර්ගය පුළුස්සා තිබේ.
මෙම අපරාධය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන අතර මේ තරම් අපරාධයක් සිදුවන විට දැරියගේ මවගේ හැසිරීම් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණයක් පැවැත්වීමේ වැදගත්කම පොලිසියට පෙනී ගොස් ඇත.
උපුටා ගැනීම-ලක්බිම පුවත්