තවත් ශ‍්‍රී ලාංකිකයන් සිව්දෙනෙක් සෞදි ඝාතන ලැයිස්තුවේ

සෞදියේ කි‍්‍රයාත්මක ෂරියා නීතිය යටතේ තවත් ශ‍්‍රී ලාංකිකයන් සිව්දෙනෙකුගේ ජීවිත අනතුරට ලක්ව ඇති බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා, කොළඹ ඊයේ පස්වරුවේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේය.සෞදි අරාබියේදී ගෙල සිඳ මරා දැමුණු රිසානා නෆීක් දැරියගේ මළ සිරුර හෝ ශ‍්‍රී ලංකාවට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සූදානම් කරන්නැයි ද ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

ආණ්ඩුවත්, මුස්ලිම් නායකයනුත් රිසානා නෆීක් බේරාගැනීමේ සටනට නිසි පරිදි මැදිහත් නොවුණු බවට මන්ත‍්‍රීවරයා මෙහිදී චෝදනා කර සිටියේය.ශ‍්‍රී ලංකා වේලාවෙන් ඊයේ පෙරවරු 11.40ට පමණ රිසානා නෆීක්ගේ ගෙල සිඳ මරා දමා තිබේ. එහෙත් පස්වරු 1.15ට පමණ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී නැගූ වාචික ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ප‍්‍රකාශ කළේ රිසානා නෆීක්ගේ ජීවිතය බේරාගැනීමට තවදුරටත් උත්සාහ දරන බවයි.


කෙසේ වෙතත් අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ද අදාළ ප‍්‍රවෘත්තිය පිළිබඳ දැනුවත් වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සිදුකළ ප‍්‍රකාශයත් සමගය.

අනතුරුව විනාඩියක නිශ්ශබ්දතාවයක් සුරකිමින් පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් සියලූදෙනා රිසානාට අවසන් ගෞරව දක්වනු ලැබිය.



Gossip Lanka Hot News Previous News Archive