පක්ෂයේ නිල අනුමැතියකින් තොරව මින් ඉදිරියට මාධ්‍ය සාකච්ජා පැවැත්වීම හා රුපවාහිනි - ගුවන් විදුලි සාකච්ජාවලට සහභාගිවීම මුළුමනින්ම තහනම් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ.
එජාපයේ හිටපු නියෝජ්‍ය නායකයින් වන කරු ජයසුරිය හා සජිත් ප්‍රේමදාස යන මන්ත්‍රීවරුන් මේවනවිට තමන්ගේ පෞද්ගලික කාර්යාලවල සතිපතා මාධ්‍ය සාකච්ජා පැවැත්වීම සිදුකරයි. එහෙත් මින් ඉදිරියේදී ඔවුන් දෙදෙනාට සතියට එක් දින බැගින් පක්ෂයේ අධීක්ෂණය යටතේ මාධ්‍ය සාකච්ජා පැවැත්වීමට ඉඩසලසා දීමට නායකත්වය යෝජනා කර ඇත.
එම මාධ්‍ය සාකච්ජා සියල්ල විපක්ෂ නායක නිල නිවාස තුල පැවැත්වීමට කටයුතු යොදන ලෙසත්, ඒ සදහා අවශ්‍ය සියලු පහසුකම් සලසාදෙන ලෙසත්, ඊට පුළුල් ප්‍රචාරයක් ලබාදීමට කටයුතු කරන ලෙසත් එජාප නායකයා අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇත.
'එක නායකයෙක් ; එක හඬක්' යන පදනම යටතේ මින් ඉදිරියට පක්ෂයේ මාධ්‍ය හා සන්නිවේදන කටයුතු මෙහෙයවීමට තීරණය කර ඇති අතර එම කටයුතු සම්බන්ධීකරණය කිරීම සදහා විශේෂ මාධ්‍ය කමිටුවක් පසුගිය එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී නිල වශයෙන් පත්කර ගනු ලැබිය. එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතාගේ අධීක්ෂණය යටතේ එම කමිටුව ක්‍රියාත්මකවේ.