සැකකරුවෙකු පැය 48ක් රඳවා තබා ගැනීමට බලතල ලබාදෙන්නේ සම්පූර්ණයෙන්ම ආණ්ඩුවට පක්ෂග්‍රාහී පොලීසියකට බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.
රජයට හිතවත් මැරයින් අත්අඩංගුවට නොගෙන අවශ්‍ය පරිදි නීතිය ක්‍රියාත්මක කිරීම මෙම පනත ගෙන ඒමේ අරමුණ බව ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා කොළඹදී අද (21) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
එහිදී ඔහු මේ පිළිබඳව වැඩිදුරටත් මෙසේ ද අදහස් දක්වන ලදී
රටක සමාජ සංවර්ධනයත් සමග සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙමින් යහ පාලනයක් ස්ථාපිත විය යුතුයි. රටක මර්දන නීති ලිහිල්විය යුතුයි. මෑත කාලය තුළ යුද්ධයෙන් පසු රටේ නව තත්ත්වයක් උදා වුණා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, හදිසි නීති රෙගුලාසි ඇතුළු මර්දන නීති ඉවත් කළ යුතුව තිඛෙනවා. නමුත් එවැනි මර්දන නීති තව තවත් වැඩිකරමින් අපේ රට අශිෂ්ඨත්වය කරා ගමන් කරමින් තිඛෙනවා.
එක පැත්තකින් විධායක ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූල ඒකාධිපතිවාදයක් කරා රට ඇදගෙන යනවා. පසුගියදා සම්මත කරගත් 18 වන ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ ස්වාධීන පොලිස් කොමිසම අහෝසි වුණා. අද එහෙම කොමිසමක් ඇත්තේ නැහැ. ස්වාධීන අධිකරණ සේවා කොමිසම, මැතිවරණ කොමිසම සහ රාජ්‍ය සේවා කොමිසම එම සංශෝධනයත් සමඟ අහෝසි වුණා.
ඉතිහාසයේ පළමු වතාවට නීතිපති දෙපාර්තමේන්තුව විධායක ජනාධිපතිවරයා යටතට පවරා ගත්තා. ඉන්පසු ආණ්ඩු පකෂයේ ප්‍රධාන සංවිධායකවරයෙක් මිනීමැරුම් චෝදනා සඳහා අවසන් ජූරි විභාගයකට නියමිතව සිටියදී නීතිපතිවරයා විසින් නඩුව ඉල්ලා අස්කරගත්තා. ඒ වගේම චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සම්බන්ධව පැවති නඩුද නීතිපතිවරයා විසින් ඉවත්කරගත්තා.
ඒ වගේම මිනීමැරුමක් සඳහා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවූ ඇමති බිරිඳක් ජනාධිපති සමාව යටතේ නිදහස් කළා.
එවැනි අපරාධකරුවන් කිහිපදෙනෙක්ම විධායක ජනාධිපතිවරයා විසින් බේරාගනු ලැබුවා. මේ ආකාරයට තමන්ට හිතවත් දේශපාලන හෙංචයියන් බරපතළ චෝදනාවලින් බේරා ගැනීමට කටයුතු කළා. පොලිස් කොමිසම අහෝසි වූ තත්ත්වයක් යටතේ පොලීසියේ ඉහළ නිලධාරීන් ආණ්ඩු හිතවාදීන්වීම සිදුවූ අතර එවැනි පොලීසියකට අසීමිත බලය පැවරෙන පනතක් තමයි මේ ආණ්ඩුව විසින් ගේන්න යන්නේ. ආණ්ඩුවේ දේශපාලන වුවමනාව වෙනුවෙන් සම්මත කර ගැනීමට යන පනතක් මේක. මෙයින් සිදුවන්නේ ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු වීමක්.
අපි දැක්කා පසුගිය කාලයේ පොලීසියේ හැසිරීම කොහොමද කියලා. ජුලම්පිටියේ අමරේ නැමති ප්‍රසිද්ධ මැරයා ජ.වි.පෙ. සාමාජිකයින් දෙදෙනක් ඝාතනය කළ අවස්ථාවේදී ආණ්ඩුවට පකෂපාතී පොලීසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව කියා සිටියේ මෙය ජ.වි.පෙ. අභ්‍යන්තර ප්‍රශ්නයක් කියලා. නමුත් පසුව මුළු රටම දැනගත්ත මෙය ආණ්ඩුවට හිතවත් මැරයෙක් විසින් කරපු ඝාතනයක් කියලා.
ඒ වගේම මර්වින් ඇමතිවරයාගේ පුත් මාලක සිල්වා බ්‍රිගේඩියර්වරයාට පහරදීලා වරෙන්තු නියෝග පිට ඉද්දී කැලණි විහාරයේ පොලීසිය බලා ඉද්දී සර්වඥ ධාතු වඳින්න ගියා. නමුත් අත්අඩංගුවට ගත්තේ නැහැ. ඒ වගේම අලූත්කඩේ උසාවිය ඉදිරිපිට මැර කණ්ඩායම් පොලීසිය ඉදිරිපිටදීම උද්ඝෝෂකයින්ට පහර දුන්නා. මාධ්‍ය හරහා එම මැරයින් මුළු රටට හෙළිවුණත් පොලීසිය තවමත් අත්අඩංගුවට ගෙන නැහැ. මේ පොලිසිය එහෙමයි ක්‍රියාත්මක වෙන්නේ.
ආණ්ඩුවට හිතවත් මැරයින් අත්අඩංගුවට ගන්නේ නැහැ. ශිරාණි බණ්ඩාරනායක මැතිණිය නිල නිවසෙන් ඉවත්වන අවස්ථාවේදී මාධ්‍යවේදීන්ට එය ආවරණය කිරීමට පොලිසිය ඉඩ දුන්නේ නැහැ. එවැනි ආණ්ඩුවට පකෂග්‍රාහී පොලීසියකට තමයි පැය 24ක් රඳවා තබාගැනීමට තිබූ නීතිය පැය 48ක් දක්වා දීර්ඝකර දෙන්නේ.
මුළු රාජ්‍ය යාන්ත්‍රණයම විධායක බලයට යටත්කරපු තත්ත්වයක් යටතේ තමයි තමන්ගේ දේශපාලන වුවමනාවට මෙම පනත ගෙන එන්නේ. රටේ යහපාලනය සඳහා වුවමනාවෙන් ගෙනඑන පනතක් නෙවෙයි. මෙම නීතිය 1979 අංක 15 දරන අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය යටතේ ගැසට් නිවේදනයක් ලෙස නිකුත් කළා. ඉන් අනතුරුව අවුරුදු දෙකෙන් දෙකට ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී අනුමතකරගත යුතුයි. නමුත් ආණ්ඩුවේ නොහැකියාව නිසා 2011දී එම ගැසට් පත්‍රයට අනුමැතිය ලබාගත නොහැකි වුණා.
එනිසා තමයි මෙය පනතක් ලෙසින් පාර්ලිමේන්තුවට ගෙනඒමට නියමිතව තිඛෙන්නේ. මෙහි ඇති බරපතළකම තමයි මෙම පනත අතීතයට බලපාන ලෙස සම්මත කර ගැනීම. එනම් 2009 මැයි 31ට බලපාන ලෙස තමයි සම්මත කරගැනීමට නියමිත. අනෙක් කරුණ තමයි මේ පනත නැතත් එහි අඩංගු සමහර කරුණු දැනටමත් පොලීසිය විසින් ක්‍රියාත්මක කරමින් තිඛෙනවා. අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට පහරදීම්, අඩන්තේට්ටම් කරනවා. මෙම පනතින් සිදුවන්නේ එවැනි පහරදීම්වලට, අඩන්තේට්ටම්වලට පොලිසියට ලයිසන් ලබාදීමක්.
පනත මගින් මතුකරන ප්‍රශ්න දෙකක් තිඛෙනවා. එකක් තමයි කිසියම් වරදකට අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු රඳවා තබාගැනීමට හැකි පැය 24ක කාලය පැය 48ක් දක්වා දීර්ඝ කිරීම. අනෙක් කරුණ තමයි මෙම පනතේ සඳහන් 3.1 වගන්තියෙන් ප්‍රකාශයට පත්වන කරුණ. එනම් බරපතළ අවස්ථානුගත කරුණු හෝ මහජන නොසන්සුන්තාවයක් පැන නගින අවස්ථානුගත කරුණු ඇති අවස්ථාවක නීතිපතිවරයා විසින් කෙලින්ම අධිචෝදනා පත්‍ර මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීම නීත්‍යානුකූල වේ.
එනම් උද්ඝෝෂණයක යෙදුණු පිරිසකට එරෙහිව නීතිපතිවරයාට හැකියාව තිඛෙනවා අධි චෝදනා ඉදිරිපත්කර මහාධිකරණය වෙත නඩුවක් ගොනු කිරීම. ඒ වගේම එම කරුණට අදාළව මහේස්ත්‍රාත් අධිකරණයක විභාගවන නඩුවක් අහෝසිකර එම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකිරීමේ බලතල නීතිපතිවරයාට ලැඛෙනවා. මහජන නොසන්සුන්තාවයකදී එහි තත්ත්වය අර්ථ දැක්වීමේ හැකියාව නීතිපතිවරයා සතු කරනවා.
ආණ්ඩුවට එරෙහිව පැන නගින විරෝධතා මැඩ පැවැත්වීම සඳහා මෙම වගන්තිය පාවිචිච් කළ හැකියි. මහේස්ත්‍රාත් අධිකරණයකදී ලඝු නොවන නඩු නතර කිරීමේ හැකියාව එම වගන්තිය මගින් ලැඛෙනවා. මහජන නොසන්සුන්තාවයන් හට ගන්නේ ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියා නිසා.
උදාහරණයක් විදියට ආණ්ඩුවේ සපිරි පාසැල් වැඩපිළිවෙළ හරහා බොහෝ ප්‍රාථමික පාසැල් වැසී යාමේ ප්‍රවණතාවයක් තිඛෙනවා. ඊට එරෙහිව දෙමව්පියන් විරෝධතා දක්වනවා. එවන් අවස්ථාවක මෙම අපරාධ නඩු විධිවිධාන පනත මගින් පොලීසියට මෙන්ම නීතිපතිවරයාට බලය තිඛෙනවා මෙම උද්ඝෝෂකයින්ට විරුද්ධව අධි චෝදනා මත මහාධිකරණයට නඩුවක් ගොනු කිරීමට.
ඒ නිසා මෙය බරපතළ මර්දනකාරී පනතක්. නීතිපතිවරයාට ඔහුගේ අභිමතය අනුව ක්‍රියාකිරීමේ හැකියාව ලැඛෙනවා. ඒ නිසා මෙම බියකරු පනත රටේ සාමාන්‍ය ජනයාට නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහෝසිකර දමනවා.
ඒකාධිපති විධායක බලතල යටතේ පාලනය වන පොලීසිය නීතිපති දෙපාර්තමේන්තුව විධායක ජනාධිපතිවරයා යටතට පත්ව තිඛෙන අවස්ථාවක මෙම පනත මගින් රටේ ජනතාවට සහනයක් ලැඛෙන්නේ නැහැ. එයින් සිදුවන්නේ ආණ්ඩුවට එරෙහිව මත පළකරන්නන්ට තව තවත් මර්දනය විධිමත්ව ක්‍රියාත්මක කිරීමක්. ඒකාධිපති ගමන ශක්තිමත් කරන ප්‍රජානත්ත්‍රවාදය හකුළන පනතක් මිස යහපාලනය සඳහා ගෙනෙන පනතක් නොවේ.
ජනතා විමුක්ති පෙරමුණ ලෙස මෙම පනතට විරුද්ධව ඡන්දය පාවිච්චි කරනවා. ඊට අමතරව ජනතාව දැනුවත් කරමින් දැවැන්ත අරගලයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.