ශ‍්‍රී ලංකාවේ නීත්‍යානුකූල අගවිනිසුරු ලෙස තමන් තවමත් පිළිගන්නේ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි. කොළඹ ඊයේ (16) පැවැත්වු මාධ්‍ය හමුවක දී ඊට හේතු දැක්වුයේ එම පක්‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතාය.
ජනතා විමුක්ති පෙරමුණ දවල් මිගෙල් ! රැ දනියෙල් !! ප‍්‍රතිපත්තියේ කටයුතු කරන බව ද මන්තී‍්‍ර තිස්ස අත්තනායක එහිදී පැවසිය. ආණ්ඩුවට ඍජුව චෝදනා කළ නොහැකි පුද්ගලයින් එක්සත් ජාතික පක්ෂයට චෝදනා කරන බව ඔහු සදහන් කළේය.
මේ අතර, විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව සංවිධාන කළ තවත් මාධ්‍ය හමුවක් අද පෙරවරුවේ කොළඹ දී පැවති අතර, එහිදී අදහස් දැක්වු නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න කියා සිටියේ ජනතාවට එරෙහිව සිදුවන අසාධාරණයට විරෝධය පළ කරමින් මහමගට පැමිණ සටන් කිරීමට කාලය එළැඹ ඇති බවයි.