පාතාලයට එරෙහිව ගෝඨාභය

පාතාලය මුළුමනින්ම මැඬලීම සඳහා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය නව වැඩපිළිවෙළක්‌ ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා'දිවයින' පුවත්පතට පවසා ඇත.මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා මහජනතාවගේ සහයෝගය උපරිම ලෙස ලබාදෙනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බව ද හෙතෙම කීය.

පාතාල සාමාජිකයන් සම්බන්ධව මහජනතාව නිරතුරුවම තොරතුරු ලබාදෙන්නේ නම් රටට පිළිලයක්‌ වී තිබෙන පාතාලය මර්දනය කිරීම එතරම් අපහසු කාර්යයක්‌ නොවන බව ද රාජපක්‍ෂ මහතා පවසයි.පාතාල සාමාජිකයන් කොටුකර ගැනීම සඳහා විවිධ උපාය මාර්ග යොදාගැනීමට සැලසුම් කර තිබෙන අතර මේ පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව දිනපතා පොලිසිය දැනුවත් කෙරෙනු ඇත.


පාතාල සාමාජිකයන් සමඟ සබඳතා පවත්වන ඔවුන්ට රැකවරණය ලබාදෙන දේශපාලනඥයන් හෝ වෙනත් පාර්ශ්ව පිළිබඳව තොරතුරු අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව ආරක්‍ෂක ලේකම්වරයා පැවසීය.

රටේ සෑම පළාතකම ගැවසෙන පාතාල සාමාජිකයන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා මහජන ඔත්තු බියසැක නැතිව ලබාදෙන ලෙසත් එවැනි ඔත්තු සපයන අය ආරක්‍ෂා කර ගැනීමට සැලසුම් කර තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Gossip Lanka Hot News Previous News Archive