විශ්වයේ විශාලතම මන්දාකිණියක් සොයාගනී

විශ්වයේ දැනට පවතින විශාලතම 'හේලීක්සීය' මන්දාකිණිය අමෙරිකානු තාරකා විද්‍යාඥයන් පිරිසකට අහම්බෙන් හමු වී ඇත.ආලෝක වර්ෂ 522,000 ක් පුළුල්වන එය අපගේ ක්‍ෂීර පථය මෙන් 5 ගුණයක් විශාල වන බව විද්‍යාඥයෝ පවසති.
NGC - 6872 ලෙස හඳුන්වා ඇති මෙය පෘථිවියෙන් ආලෝක වර්ෂ මිලියන 212ක් දුරින් පිහිටා ඇත. පර්යේෂකයන් මෙය සොයාගෙන ඇත්තේ චන්ද්‍රිකා සංඥාවක් මගිනි.
  මෙම මන්දාකිණිය තිබූ ප්‍රදේශයේ තාරකා පිහිටිය හැකි ප්‍රදේශ නිරීක්‍ෂණයේදී හමුවූ තරුණ තාරකා රැසකින් නිකුත්වන පාරජම්බුල කිරණ විශාල ප්‍රමාණයකි. එමඟින් විද්‍යාඥයන් මන්දාකිණියේ නියම පරිමාණය අනාවරණය කරගෙන ඇත.

මෙම NGC - 6872 මන්දාකිණිය මන්දාකිණි අතර යෝධයකු බවත් මීටත් වඩා විශාල මන්දාකිණි ඇති බව නාසාහි විද්‍යාඥයන් පවසයි.

මුලාශ්‍රය -



Gossip Lanka Hot News Previous News Archive