ප්‍රංසයේ පිහිටි බාලාංශයක දරුවන් ඉදිරියේ අත්වැරැදීමකින් අසභ්‍ය වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කිරීම නිසා පන්ති බාර ගුරුතුමියට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට යති.අවුරුදු 3 - 5 අතර වයසේ පසුවන සිසුන්ට කාටුන් චිත්‍රපටයක් පෙන්වීමේ අදහසින් එම ගුරුවරිය අන්තර්ජාලයෙන් ලබාගත් දර්ශන රූපවාහිනී තිරයකට කවා එහි බොත්තමක් තදකර පන්ති කාමරයෙන් පිටතට ගොස් තිබේ. විනාඩි පහකට පමණ පසු නැවත ඇය පන්ති කාමරයට එන විට ඇයට දෙවියන් සිහිවිය. රූපවාහිනී තිරය මත දිස්වන්නේ කාටුන් රූප නොව 'නිල් චිත්‍රපටයකි.' ඇය වහාම රූපවාහිනිය ක්‍රියා විරහිත කළාය. දරුවන්ගේ මවුපියන්ට කෙසේ හෝ මෙම ආරංචිය කන වැටීම නිසා පැමිණිලි රාශියක් පාසල වෙත ගලා එන්නට විය.