අමාත්‍ය මණ්ඩල සංශෝධනය Cabinet Reshuffle Today , Presidential Spokesman

දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡාවට බඳුන් වෙමින් පැවැති අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (28) උදෑසන ස්ථිර වශයෙන්ම සිදුකිරීමට නියමිතය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී අද උදෑසන මෙම සංශෝධනය සිදු කරන බව ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක මහතා  පැවසීය.

2010 අප්‍රේල් මස 08 වැනි දින පැවැති මහ මැතිවරණයෙන් ජයගෙන පිහිටවනු ලැබූ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ ප්‍රථම අමාත්‍ය මණ්ඩල සංශෝධනය මෙය වේ.ජනමාධ්‍ය, විදුලිබල, විද්‍යා හා තාක්ෂණ හා ක්‍රීඩා ඇතුළු ඇමැතිධූර කිහිපයක් වෙනස් වන අතර අගමැති ධූරයේ කිසිදු වෙනස්කමක් මෙවර සිදු නොවන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.


නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙවර ඇමැති ධූර හෝ නියෝජ්‍ය ඇමැති ධූර හිමි නොවන අතර 2004 වසරේ කැබිනට් මණ්ඩලය නියෝජනය කළ එහෙත් දැනට ඇමැතිධූර නොදරන කිහිපදෙනකුට ඇමැති ධූර හිමිවනු ඇතැයි එම ආරංචි මාර්ග පැවසීය.එමෙන්ම රටට බලපාන ප්‍රධාන ඇමැති ධූරයන්ගේ ද වෙනසක් සිදු නොවනු ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසිය.

Gossip Lanka Hot News Previous News Archive