තව අවුරුදු තුන හතරකින් චතුරිකාට ලැබෙන දරුවාගේ තාත්තා ගයාන් වෙයිද ? Chat With Chathurika Peiris

 ඔබ කවුද?

නමින්නම් චතුරිකා පීරිස්. කෙටියෙන් මං ගැන හැඳින්වුවොත් බොහොම සරල, සරල විදියට ජීවත්වෙන්න කැමැති මට ආදරය කරන අයට ආදරේ කරන, ප්‍රශ්නයක් දිහා බුද්ධිමත්ව බලන, පොළොවේ පය ගහලා ඉන්න කෙනෙක්.

• ඒත් සමහරු නම් කියන්නෙ ඔබ පොළොවට අඩි ගාණක් උඩින් ඉන්නේ කියලා....?

ඒ මම ගැන නොදන්නා අය කියන කතා වෙන්න ඇති. හැබැයි මම නොගැළපෙන අයනම් ආශ්‍රය කරන්නේ නැහැ.



• ඔබ නිළියක් වුණේ කොහොමද?

ඒක අහම්බයක්.



අහම්බෙන් නිළියක් නොවුණානම්....?

ව්‍යාපාරික කාන්තාවක් වෙයි

• අහම්බෙන් නිළියක් වුණත් අහම්බයෙන් ජනප්‍රිය නිළියක් වෙන්න පුළුවන්ද?

දැන් කාලේ නම් ඒකත් බැරි කමක් නෑ....


• ඔබත් ජනප්‍රිය නිළියක් වුණේ එහෙමද...?

නෑ... වාසනාවකට සැබෑවටම ජනප්‍රිය නළු නිළියන් බිහි වුණ යුගයේ අවසාන පරම්පරාව අතරට එක්වෙන්න මටත් අවස්ථාව ලැබුණා.


• තාමත් ඔබ ජනප්‍රියද?

ඔව්....

• නිෂ්පාදනයට අත ගැහුවෙත් තමාවම ජනප්‍රිය කරගන්නද?

විනෝදාංශයට රඟපෑවාට දැන් ඒක අපේ වෘත්තිය. වෘත්තීය වශයෙන් ඉදිරියට යන්නනම් විවිධ චරිත නිරූපණය කරන්න ඕනෑ.... තමන් හරි නිෂ්පාදනය කරගෙන හොඳ චරිතයක් රඟපෑවාට කමක් නෑනේ....


• ඉදිරියට නිෂ්පාදනය කරනවාද?

නැත්නම්...


• 'චල රූ' නිෂ්පාදන ආයතනයට දැන් මොකද වෙන්නේ...?

කොහොමත් නම වෙනස් කරන්න හිටියේ... 'චල රූ' නමින් නම් ඉදිරියට නිෂ්පාදනය කරන්නේ නෑ....


• ලස්සන තියෙනවානම් නිළියක් වෙන්න පුළුවන්ද?

බෑනේ...

• නිළියක් සහ රංගන ශිල්පිනියක් අතර වෙනස මොකක්ද?

වචනවලින් නම් ඔය දෙකේම තේරුම එකයි. සම්මානයක් ගත්තොත් මොනවා හරි හොඳ දෙයක් කළොත් එයා රංගන ශිල්පිනියක් කියනවා. වැරැදි වැඩක් කළොත් එයා නිළියක් කියනවා. භාවිත කරන විදියෙයි වෙනස තියෙන්නේ.



• ආදරේ ගැන මොකද හිතෙන්නේ...?

හරිම සුන්දරයි. ජීවිතේ අලුත් වෙනවා. ලස්සන වෙනවා....


• කුළුඳුල් ආදරයක් හිතේ ඉපදුනේ අවුරුදු කීයෙදීද?

මට මතක විදියට අවුරුදු 12 දී විතර....

ඒත් ඒක ආදරයක්ම කියන්න බෑ...


• ප්‍රේම සම්බන්ධතා කීයක් තිබුණද?

දෙකයි.


• එකම ක්ෂේත්‍රයක දෙන්නෙක් විවාහයට සුදුසුද?

ඔව්.


• මෙච්චර දෙයක් වෙලත් තාමත් එහෙම හිතෙනවද?

විවාහයට රැකියාව නෙවෙයි වැදගත් ගැළපීම.


• ජීවිතය බෙදාගන්න තරම් නළුවන් විශ්වාස කරන්න පුළුවන්ද?

පුළුවන්....


• නිළියන්...?

ඒත් පුළුවන්.


• විවාහය තවත් ආදරයකට බාධාවක්ද?

විවාහ වෙලා බිරිය වෙනකෙනෙක්ට ආදරය කරනවා නම් ඒක සැමියාට හොඳ නෑ... සැමියා වෙන කෙනෙක්ට ආදරේ කරනවා නම් බිරියට හොඳ නෑ... ඒ විතරක් නෙවෙයි දරුවන්ටත් හොඳ නෑ... ඒ නිසා ඒ විවාහයේ රැඳෙනවාට වඩා වෙන්වීමයි හොඳ...


• වඩා හොඳ දුක්කසාදය ද දික්කසාදයද?

මැරෙනක්ම දුක්කසාදයක් නිසා විඳවනවාට වඩා අවුරුද්දක් දෙකක් හැමෝගෙන්ම බැනුම් ඇහුවත් දික්කසාදය හොඳයි.


• දික්කසාද ගැහැනියට මේ සමාජයේ තියෙන තැන ගැන සතුටුද?

ඒක එක එක්කෙනාගේ බුද්ධි මට්ටම අනුව, සමාජ මට්ටම අනුව ඒ දිහා බලන විදිය වෙනස්. හැබැයි අතීතයේ සහෝදරයෝ දෙන්නෙක් බිරියක් එක්ක එක ගේ කාපු, වෙළෙ¼දාමේ ගිය සැමියාත්, ඔහු එනතුරු වෙනත් සැමියන් ඇසුරු කරපු බිරින්දෑවරුත් හිටියායි කියන අතීත සංස්කෘතියක් තිබුණු රටක ඉඳගෙනයි අපි අද දික්කසාද ගැහැනිය දිහා වපර ඇහින් බලන්නේ.


පතිවත රකින්න ඕනෑ ගැහැනු විතරද?

නෑ.. ඒක දෙපැත්තෙන්ම වෙන්න ඕනෑ දෙයක්.

ගෙයි ගිනි පිටට දෙන්න හොඳද?

කොහොමටවත් ඕනෙ නෑ...


ඔබත් එහෙම කළාද?

නෑ... මම එහෙම කළෙත් නෑ.. කරන්න හිතුවෙත් නෑ..... ඒත් වෙන අය ගෙයි ගිනි පිටට දුන්නට පස්සේ මගෙන් ඒ ගැන අහද්දි මට උත්තර දෙන්න සිද්ධ වුණා. ඒකත් නොකර හිටියා නම් අද හොඳයි කියලා හිතෙනවා....


• ආදරය වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්න සූදානම්ද?

සැබෑ ආදරයක් නම් ඕනෑම දෙයක් කරනවා.


• කෙට්ටු වෙන්න හිතුවෙ ඇයි?

මම බත් කඩේක වැඩ කළා නම් මහත ප්‍රශ්නයක් නෑ.... ඒත් මම රංගන ශිල්පිනියක්නේ.....?


• ලස්සන වෙනුවෙන් කොයි තරම් වියදම් කරනවාද?

ලොකුවට වියදම් කරන්නෙ නෑ... තෝරා බේරාගෙන කනවා... හොඳට වතුර බොනවා..... හිතේ සතුටින් ඉන්නවා.... ස්වාභාවික ආලේපන සහ මට ගැළපෙන ආලේපන වර්ග ටිකක් භාවිත කරනවා.


• තිරයේ හමුවුණ හොඳම පෙම්වතා කවුද?

විශේෂ කෙනෙක් නෑ... නළුවන් කීප දෙනෙක් මගේ පෙම්වතා වෙලා තියෙනවා. ඒත් විශේෂ කෙනෙක් නම් නෑ...


• අලුතින් රංගනයට එකතුවෙන අය එක්ක ඉරිසියායි කියන්නේ ඇත්තද?

කවුද කියන්නේ... අලුත් අය මාත් එක්ක හුඟාක් හිතවත්.



• හඳහන් විශ්වාස කරනවාද?

තරමක් දුරට.


• හඳහනේ ඔබ වෙනුවෙන් කියපු අමතක නොවන අනාවැකිය මොකක්ද?

ඒ අනාවැකිය තමයි පසුගිය දවස්වල හැබෑවුණේ...


• දැන් ඔබ පෙම්වතියක්ද?

නෑ...


ඔබේ නංගි දැන් මවක් වෙන්න සූදානම් වෙනවා. ඔබ මවක් වෙන්නේ කවදාද?

අනිවාර්යයෙන්ම තව අවුරුදු තුන හතරකින්.


• ඒ දරුවාගේ තාත්තා ගයාන් වුණොත්....?

ඒක එතකොට බලමුකෝ....

 උපුටා ගැනීම-මව්බිම 

Gossip Lanka Hot News Previous News Archive