මගේ එහෙම පොත්ත සුදු නැහැ - Damitha Abeyratne


දමිතා අබේරත්න සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිණියක් ලෙස සම්මානයට පාත‍්‍රවූ චරිතාංග රංගන ශිල්පිණියකි ඇය රංගණයට ප‍්‍රවිශ්ඨවන්නේ පාසල් සමයේ සිටය මේ වනවිට ඇය රංගන ක්‍ෂෙත‍්‍රයට පැමිණ සර 30 පමණ කාලයක් ගතවී ඇත. වර්තමාන ටෙලි නාට්‍ය කලාවේ විවිධ ඉසව් ඔස්සේ දමිතා අබේරත්න  සමග කළ සාකච්ජාවකි මේ.

දමිතා මේ දවස්වල කොහොමද ජිවිතේ?
දෙරණ නාලිකාවේ අග්නි ටෙලිනාට්‍යයේ වැඩකටයුතු කරගෙන යනවා. ඊයේ පෙරේදා අවසන් කලා නාලක විතානගේ හැදු "රූපාන්තරය' චිත‍්‍රපටයේ වැඩකටයුතු .


අද විකාශණය වන නාට්‍ය තුළින් නිළියක් විදියට සාර්ථක වෙන්න පුළුවන්ද ?
අපහසුයි. හොඳ නාට්‍ය හැදෙනවා බොහෝම අඩුයි. වෘත්තීමය නිළියෝ හැටියට අපිට කොයිකත් කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි ඇත්ත. මම මෙගා නාට්‍ය වලට දොස් කියනවා නෙවෙයි. ඒ නාට්‍යය දවස ගානේ යනකම් මිනිස්සු කැමතියි. නමුත් එම නාට්‍ය කාලයක් ගියහාම අමතක වෙනවා.එම නිසා නිළියක් විදිහට ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න අපහසුයි.

මෙගා නාට්‍ය තුළ රඟපාලා නිළියක් විධිහට සාර්ථක වෙන්න බැරි ඇයි.
නිර්මාණශිලිත්වය අඩුකමටත් වඩා දිගින් දිගටම යනවිට මිනිස්සුන්ට හැමදාම කනවා බොනවා වගේ වැඩක් වෙනවා. කොටස් 25 කින් 30 කින් ටෙලි නාට්‍යය අවසන් කළහාම ඒකේ රසයක් තියෙනවා.

ඔබ කියන්නේ දස්කම් ඇති ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරු නැහැයි කියලාද?
මම එහෙම කියන්නේ නැහැ. දක්ෂ අධ්‍යක්‍ෂවරු බොහෝම සිටිනවා. නමුත් ඔවුන්ව පැත්තකට කරලා තියනවා මිසක් වැඩක් ගත්තේ නැහැ. ඒ අය වැඩකරන්න බය ඇති. මොකද විකාශය කිරිමේ ප‍්‍රශ්ණ ගොඩකුත් තියෙනවා නේ.

අධ්‍යක්‍ෂවරුන්ගේ නිර්මාණශිලිත්වය තීරණය කරන්නේ කව්ද?
ටෙලිනාට්‍ය බලන පේ‍්‍රක්ෂකයන්ට හොඳ නුවනක් සහ අවබෝධයක් තියේනවා ඒක තීරණය කරන්න. කිසිම වැදගම්මකට නැති එහෙත් විකාශය වන ටෙලි නාට්‍ය ගොඩක් අද තියෙනවා.උදාහරණ දුන්නොත් කිසියම් කෙනෙකුට අසාධාරණයක් වෙන්න පුලූවන්. හොඳ අධ්‍යක්‍ෂ වරුන්ගේ හොඳ නිර්මාණ අද වෙනකුනුත් හිරවෙලා තියෙනවා. මේක තමා ඇත්ත තත්වය.

අද බොහෝ නළු නිළියෝ ටෙලි නාට්‍යතු රඟපාන්නේ නැහැ. නමුත් සැබෑ ජිවිතයේදී ඔවුන් හොඳට රගපානවා. මේ කතාව ඇත්තද?
මම ඔය චෝදනාව හැමොන්ටම එල්ල කරන්නේ නැහැ. නමුත් පැරණි වගේ නවක නළු නිළියනුත් ඔය චෝදනාවට හසුවෙනවා.

අද ටෙලිනාට්‍යයකට පෙනී සිටින්න අවශ්‍ය වන්නේ දක්ෂතාවයද?
හැමෝම එකවිධිහට මේ ක්ෂේත‍්‍රයට එනවා කියන්න බැහැ. දක්ෂතාවයෙන් එන පිරිසකුත් සිටිනවා. මුදල් තියෙනවා නම් ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරගෙන තමුන් එහි ඇති හොඳම චරිතය රඟපාලා එන පිරිසකුත් ඉන්නවා. පුද්ගලික දැනහැදුනුම්කම් මත හෝ වෙනත් වෙනත් සම්බන්ධතා මත කිසිම දෙයක් බලාපොරොත්තු නොවී රඟපෑවොත් ජිවිතේ ඔක්කෝම හරි කියලා හිතාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. නමුත් දක්ෂතාවය ඇති කෙනාට හැමදාමත් කලාවේ දොර වැහෙන්නේ නැහැ.

ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරු ලිංගික අල්ලස් ගන්නවා කියන්නේ ඇත්තද?
ඔය තත්ත්වය ටෙලිනාට්‍ය වලට විතරක් නෙවෙයි අනෙක් හැම ක්ෂේත‍්‍රයකමත් සිද්ධ වෙනවා. මොනදේටත් ලිංගිකත්වය පෙරට දාලා වැඩකරන තත්වයක් තමා ලංකාවේ සිද්ධ වෙන්නේ.

දක්ෂතාවයෙන් පිරිපුන් අයටත් රඟපාන්න ලිංගික අල්ලස් දෙන්න ඕනෙද?
කිසිම දෙයක් අවශ්‍ය නැහැ. නිෂ්පාදකවරු, අධ්‍යක්‍ෂවරු පස්සේ යන්න ඕනේ නැහැ. ජිවිතයේ කවමදාවත් මම නම් එහෙම ගිහිල්ලා නැහැ. මගේ ටැලන්ට් එක දැකලා මාව හොයාගෙන ඇවිත් වැඩ බාරදීලා තියෙනවා. මම රඟපාන්න ඇවිත් වසර 30 ක් පමණ වෙනවා. ඒ කාලය පුරා මම ආවේ එහෙමයි. අපේ කට්ටිය කියනවා පොත්ත සුදුනම් ඔක්කොම හරි කියලා. නමුත් මගේ එහෙම පොත්ත සුදු නැහැ.

ඔබ කියන්නේ පොත්ත සුදු අයට ටෙලිනාට්‍යය ක්ෂේත‍්‍රයේ සළකන ක‍්‍රමයකුත් තියෙනවා කියලද?
එහෙම එකක් තියෙනවා, ඒක බොහෝම පැහැදිලිව පෙනෙන දෙයක් ලිංගික අල්ලස් කියන්නේ ඒවා තමයි. මොඞ්ලින් කරන පිරිසකුත් ඇවිත් සිටිනවා රඟපාන්න. ඒ අය හොඳ මොඞ්ලින් ලෝකයටම විතරයි. සමහර විට රූපවාහිනියට ඇවිල්ලා කරන්නෙත් මොඞ්ලින්ම පමණයි.




Gossip Lanka Hot News Previous News Archive