ඉන්දීය බස්වලට කැමරා අනිවාර්යයි - Delhi buses to have CCTV

ඉන්යාවේ නව දිල්ලි නුවර පොදු ප්‍රවාහනයේ යෙදෙන බස් රථ සඳහා නව නියෝග මාලාවක් හඳුන්වා දි තිබේ.ඒ අනුව පොදු ප්‍රවාහන බස් රථ සඳහා ලබන මස 1 වැනිදාට පෙර සී.සී.ටී.වී. කැමරා සවි කළ යුතුය.කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ස්ථාපනය කරනු ලැබූ නව බලකාය මගින් මෙම රෙගුලාසි නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ, දැයි අධීක්ෂණය කරනු ඇති.
පොදු ප්‍රවානයේ යෙදෙන බස් රථ රියදුරන් සහ සහයකයන් ලබන මාර්තු මස 1 වැනිදාට පෙර පොලීසිය විසින් නිකුත් කරනු ලබන හැඳුනුම්පත ද ලබා ගත යුතු වේ.එසේම දිල්ලි පොලීසියෙන් අවසර නොගත් වාහනවලින් පාසල් සිසුන් ප්‍රවාහනය කිරීම ද තහනම් වනු ඇති.ඉන්දියාව මෙම නව රෙගුලාසි හඳුන්වා දෙනු ලැබුවේ, 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක බස්රථයක් තුළ සමූහ ලෙස දූෂණයට ලක්වීමේ සිද්ධියෙන් පසුව එල්ල වූ ජනතා විරෝධය හමුවේය.

Gossip Lanka Hot News Previous News Archive