මම ලේසියෙන් නාරදට දික්කසාදය දෙන්නේ නැහැ - Dinushi Atapattu

2012 ගෙවුණේ කලා ලෝකයේ බොහෝ දෙනෙක්ගේ ජීවිත උඩුයටිකුරු කරමින්. හීනෙන්වත් නොහිතපු අය පෙම්වතුන් වුණා. කිරියි පැණියි වගේ හිටපු අය වෙන් වුණා. සිකුරා එක්ක අමනාපෙන් හිටි අය විවාහ වුණා. ඒ විතරක්ද කුලුඳුලේ මවුපියො වෙච්ච අයත් ඒ අතර හිටියා. විවාහ වෙන්න සුදුසු කාලෙ ඇවිත් නෑ කියපු සිරසෙ රස රිසි ගී කරපු දැන් විවිධ නාළිකාවල විවිධ වැඩසටහන් කරන නාරද බක්මීවැවත් හිටිහැටියේ පහුගිය අවුරුද්දේ විවාහ වුණා. අප්‍රෙල් 11 රාගම වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරියක් වූ දිනූෂි අතපත්තු සමඟ විවාහ ගිවිසගත් නාරද නොවැම්බර් 3 විවාහය ලියාපදිංචි කළා. පරණ අවුරුද්දේ ඒ වැඩ කරලා රටටම අණබෙර ගහලා ජයටම මඟුලක් කෑවේ අලුත් අවුරුද්දේ. ඒ පසුගිය ජනවාරි 5 සහ 6. නාරද-දිනූෂිගේ විවාහ ජීවිතය වගේම විවාහ උත්සවය ගැනත් එයාලගෙන්ම දැනගන්න අපි හිතුවා. ඒ නිසා අලුත් ජෝඩුව මධුසමයට රටින් පිටවෙන්න කලින්ම කතාබහට එකතු කරගත්තා.


නාරදත් මනමාලයෙක් වුණා එහෙනම්....?

ඒකනේ... හොඳ නැද්ද?

හොඳයි... හොඳයි... කෙල්ලක්වත් නෑ කියපු කෙනා ගහෙන් ගෙඩි එනවා වගේ එකපාරට විවාහ වෙන්න හිතුවේ ඇයි?

ගැළපෙන කෙනා හම්බවුණා. තවත් කල්දාන්නෙ නැතුව විවාහ වුණා.

• ගැළපෙන කෙනා හම්බවෙලා කොයිතරම් කාලයක් වෙනවද?

මෙහෙමයි... දිනූෂිගෙයි මගෙයි යාළුකමට නම් අවුරුදු 10ක් වෙනවා. ඒත් අපි පෙම්වතුන් වෙලා නම් අවුරුදු තුනක් විතර ඇති.

• ඒ කියන්නේ දිනූෂි අවුරුදු හතක්ම ප්‍රේමයේ පරිවාස කාලයේද හිටියේ?

ඔය ප්‍රශ්නයට මට වඩා හොඳ උත්තරයක් දිනූෂිගෙන් ලැබෙයි.

• එහෙනම් දිනූෂිම උත්තර දෙන්නකෝ...?

අපි යාළුවො වගේ හුඟාක් කිට්ටුවෙන් ආශ්‍රය කළා. ඒත් අපි පෙම්වතුන්ද, පෙම්වතුන් වෙන්න සුදුසුද කියන දෙගිඩියාව තිබුණා. මොකද අපි හොඳ යාළුවොනේ... පෙම්වතුන් වෙලා පස්සෙ නොගැළපෙනවා නම් තිබ්බ යාළුකමත් නැතිකර ගන්න බැහැනේ... ඒ නිසා අපිට අපි ගැන විශ්වාසයක් ඇති වෙනකන්ම හිටියා.

• දැන් විශ්වාසද?

නැත්නම්. මගේ ජීවිතේට මුලින්ම ඇතුළු වුණ පිරිමියා නාරද. අවසාන පිරිමියාත් එයාම තමයි. මම නාරද කොච්චර විශ්වාස කරනවාද කිව්වොත් ඒක විස්තර කරන්න මගේ ළඟ තියෙන වචන මදි.

• නාරදට රසිකාවියන් බොහෝමයක් ඉන්නවා. ඒ ගැන ඉරිසියා නැද්ද ඔබට...?

නාරදට රසිකාවියො ගොඩාක් හිටියට ඉන්නෙ එක බිරියයි. මං ඒ ගැන ආඩම්බරයි.

• ඔක්කෝටම කලින් දිනූෂිව හම්බවුණේ කොහොමද කියලා ඉමුද නාරද?

දිනූෂි සෙන්ට් බි්‍රජට්නේ... පාසලේ පරිසර වැඩසටහනකට මට ආරාධනා කරලා තිබුණා. මං හිතන්නේ ඒ දවස්වල දිනූෂි මට කැමැති නැහැ. මාව පිළිගන්න මලක් ගහන්න ගිහින් මට කට්ටෙනුත් ඇන්නා... එතකොටත් දිනූෂිව මම දැකලා තියෙනවා... එයාගේ අම්මා යා-ටී.වී එකේනේ... ඉතිං අම්මාව හම්බවෙන්න එන යන කොට දැකලා තියෙනවා.

• ඒ කියන්නේ පාසල් ප්‍රෙමයක්...?

නෑ... නෑ... යාළුකමක්. දිනූෂි පාසල් යන කාලෙමයි මගේ යාළුවෙක් වුණේ...?

• බලාගෙන ගියහම නාරද කරලා තියෙන්නේ බාල අපරාධයක්නේ...?

කවුද කියන්නේ... ආදරය කියන්නේ බාල අපරාධයක්ද? අපි පෙම්වතුන් වුණේ දිනූෂි පාසල් යනකොට නෙමෙයිනේ.

නාරද දිනූෂි වෙනුවෙන් ඔයාගෙ ජීවිතේ වෙනස් කරගත්ත දේවල් මොනවද?

මම නේද?... ම්.... වෘත්තීය වශයෙන් නම් මම හරිම පිළිවෙළයි... ඒත් මගේ පෞද්ගලික ජීවිතේ නම් පිළිවෙළක් තිබුණේම නැහැ. දිනූෂි තමයි මාව පිළිවෙළක් කළේ...

• ඇත්තද දිනූෂි මේ කියන්නේ?

ඔව්... ඔව්... ඒ විතරක් නෙමෙයි නාරදට අමතක වීමේ ලෙඩකුත් තියෙනවා... කවදාවත් මගේ උපන්දිනය මතක නෑනේ... මම විදෙස් අධ්‍යාපනය ලබන කාලෙත් හැමදාම නාරද කතා කරනවා. උපන් දිනය දවසෙත් කතා කරනවා... කොහොමද? කෑවාද? මොකද කරන්නේ... මේ හැමදේම අහනවා. ඒත් මට ඹඪඵඩ කරන්නේ නැහැ. මම දැන් ඹඪඵඩ කරයි කියලා දවස පුරාම බලාගෙන ඉන්නවා. මමත් බලෙන් ඹඪඵඩ කරවා ගන්නෙ නැහැ. දවස ඉවර වෙනකන්ම ඉඳලා පහුවැනිදා කියනවා ඊයේ මගේ උපන් දිනය කියලා...

• නාරදට උපන්දිනය අමතක වුණහම දුක හිතෙන්නේ නැද්ද?

ඇයි නැත්තේ... අඬන්න හිතෙනවා... මං ගැන හිතන්නේ නෑ නේද කියලා හිතෙන වෙලාවල් තියෙනවා.

• දිනූෂි ඒ වගේ වෙලාවල්වලට නෝක්කාඩු කියනවද නාරද?

එක නෝක්කාඩුවක් කියනවා නම් ඉවසන්න පුළුවන්නේ... ඊළඟ උපන්දිනය එනකන්ම ඒක කියන එක ඉවසන්න පුළුවන්ද කියන්නකෝ... වැඩේ තියෙන්නේ එච්චර කියලත් ඊළඟ උපන් දිනයත් අමතක වෙනවා... ඊට පස්සේ හිතාගන්න පුළුවන්නේ...

• නාරදට තරහා යනවද දිනූෂි?

බොහොම කලාතුරකින්... ඒත් මාත් එක්ක විතරමයි. නාරද කිසිම දෙයක් ගැන ඕනෑවට වඩා හිතන්නෙ නැතුව ඉන්න එක ගැන මට හරි පුදුමයි. නාරදව අවුස්සාගන්න මම හරියට බපර කරනවා. මොකද කේන්ති ගිහින් ඉවරවුණාට පස්සේ නාරදගෙ ආදරය තවත් වැඩියිනේ.

• දිනූෂි වෛද්‍යවරියක්, කථිකාචාර්යවරියක්. දිනූෂිගෙයි ඔබෙයි වෘත්තීන් දෙක ගැළපෙනවාද?

ඒ නොගැළපීම තමයි වටින්නේ... එතකොට විවිධත්වයක් තියෙනවා. එකම ගෙදර එකම වෘත්තිය කරන දෙන්නෙක් ඉන්නකොට වෙනසක් නැහැනේ. මම ආසයි එයාගෙ වෘත්තීය තොරතුරු දැනගන්න... එයා ඇසුරු කරන අය අඳුනාගන්න. දිනූෂිත් එහෙමයි. වැරැද්දක් වුණොත් වෙන්නේ මම එයාගෙ රස්සාවයි, එයා මගේ රස්සාවයි කරන්න ගියොත්නේ... කවදාවත් ඒ දේ වෙන්නෙ නැහැනේ...

ඇත්තටම දිනූෂි නාරද සැමියා කරගන්න හිතුවෙ ඇයි...? ඔහුගේ ජනප්‍රියත්වයද ඒකට හේතුව...?

අපෝ නැහැ... මම හිතන්නේ අපි දෙන්නාව මවලා තියෙන්නේ අපි දෙන්නා වෙනුවෙන්මයි. මම එහෙම කියන්නේ බොරුවටවත්, සෝබනේටවත් නෙමෙයි. මම නාරදව බැන්ඳෙ එයාගෙ ජනප්‍රියත්වයට නම් නෙමෙයි. අපි දෙන්නා තරම් ගැළපෙන, ආදරණීය ජෝඩුවක් නෑ කියලයි මම නම් හිතන්නේ...

• එහෙම කියපු හුඟ දෙනෙක් පහුගිය කාලේ නයි මුගටි වුණා. ඒ දේවල් අහන දකිනකොට ජනප්‍රිය කෙනෙක් එක්ක විවාහ වෙන්න බය හිතුණේ නැද්ද?

වෙඩින් එකට වෙච්ච මහන්සිය මතක් වෙනකොට මොන ප්‍රශ්න තිබුණත් දික්කසාද වෙන්නෙ කොහොමද කියලා හිතෙනවා. මාස ගාණක් නිදිමරාගෙන... ඒ විතරක්ද මානසික පීඩනය... එහෙ මෙහෙ දුවලා මහන්සිය... මෙච්චර කරදර විඳගෙන විවාහ වෙන්නේ දික්කසාද වෙන්නද? මම නම් ලේසියෙන් නාරදට දික්කසාදය නම් දෙන්නේ නැහැ.

• ඇහුණා නේද නාරද?

නැත්නම්... ආයෙනම් මටත් ඔය දුක විඳින්න බැහැ. ඒ නිසා මමත් ඒකට එකඟයි.

• වැඩිම වුණොත් කෙනෙක්ගේ මංගල උත්සවය තියෙන්නේ දවස් දෙකයි. ඒකක් විවාහ මංගල්‍යය. අනෙක දෙවැනි ගමන. දෙවැනි ගමනක් නැතුවත් දෙන්නම දවස් දෙකක්ම විවාහ උත්සවය සැමරුවානේ...?

පළමුවැනි දවසෙ (5දා) පල්ලියේ චාරිත්‍රවලට ඉඩ දුන්නා. ඒ බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ පල්ලියේ. දෙවැනි දවස (6දා) ගෝල්ෆේස් හෝටලයේ, එදා තිබුණෙත් පෝරුවේ චාරිත්‍ර. ගිය අවුරුද්දෙ අප්‍රේල් 11 විවාහය ගිවිස ගත්තා නොවැම්බර් 3 විවාහය ලියාපදිංචි කළා.

කවුද විවාහ මංගල උත්සවය සැලසුම් කළේ...?

ඔන්න මම නම් නෙවෙයි. මනමාලිට ඕනෑ විදියට තමයි වැඩිපුර දේවල් සිද්ධ වුණේ. මම කළේ උදවු කරන එක. වෙඩින් එකක් කරන්න ඕනෑ කියලා හිතපු දවසේ ඉඳන් දිනූෂි ලොකු පොතක් නඩත්තු කළා. ඒකෙ හැමදෙයක්ම සටහන් කරලා තිබුණා. මටත් පොත් හතරක් විතර තිබුණා. හැබැයි මුල පිටු හතර විතරයි. ඉතිරි ඒවා හිස්. සමහර පොත් හොයාගන්නත් නෑ.

• එහෙනම් දිනූෂිම කියන්නකෝ විවාහය සැලැසුම් කරපු හැටි...?

පළමුවැනි දවසේ බටහිර විදියට අපි අඳින්න හිතුවා. හැම සැරැසිල්ලක්ම බටහිර විදියට තෝරාගත්තා. අපේ තීම් එක වුණේ සමනලයෝ. දෙවැනි දවස ඊට හාත්පසින්ම වෙනස්, එදා සම්පූර්ණයෙන්ම උඩරට සාම්ප්‍රදායික ක්‍රමයට ඇඳුමේ ඉඳන් සියලු දේ සැලැසුම් වුණා.

මධුසමයට තෝරාගත්තෙත් වෙනස් විදියේ රටක්?

ඔව්නේ... වෙනසකටත් එක්ක අපි හිතුවේ වියට්නාමයට යන්න.

• දැන් පදිංචි කොහේද?

බත්තරමුල්ලේ මගේ ගෙදර...

අවුරුදු ගාණක් හදපු ගෙදරනේ...?

ඔව්... ඔව්... පස් අවුරුදු සැලැස්මකට හදපු ගෙදර තමයි.

අනාගත බලාපොරොත්තුත් කියමු...?

මගේ වැඩ පුරුදු විදියට කරන ගමන් දිනූෂිගේ අධ්‍යාපන කටයුතුවලටත් වැඩි ඉඩක් එයාට දෙන්න ඕනෑ.

දරුවෝ....?

හදන්න ඕනෑ... පරක්කු නොවී ඉක්මනටම...


කතාබහ - හිමේෂා සවන්තී රාජපක්‍ෂ
උපුටා ගැනීම  -මව්බිම 


 නාරද බක්මීවැවගේ විවාහ උත්සවය " Narada Bakmeewewa's Wedding Photos" බලන්න මෙතනින්


Gossip Lanka Hot News Previous News Archive