සමූහ දුෂණය කර මරාදැමූ වෛද්‍ය ශිෂ්‍යාවගේ ඝාතකයන්ට දැඩි දඩුවම් දෙන ලෙස බල කරමින් දහස් ගණනින් උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කර ඇති ඉන්දියාවේ අගනුවර වූ නවදිල්ලියේදී පසුගිය දෙසැම්බර් 31 දා රාති‍්‍රයේදි තවත් ශිෂ්‍යාවක් දුෂණය කර ඇතැයි වාර්තා වේ.
තමන්හට ෆේස්බුක් මිතුරුජාලයෙන් හමුවූ මිතුරෙකු ගේ බලවත් ඉල්ලීමට දෙසැම්බර් 31 දා දකුණු දිල්ලි සාප්පු සංකීර්ණයේදි තමන් ඔහුව හමුවූ බවත් පසුව අසල පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක ඇති නිවසකට තමාව කැදවාගෙන ගිය ෆේස්බුක් මිතුරා එම නිවස තුල සිටි තවත් එක් පුද්ගලයෙකු සමග එක්වී තමන්ව දුෂණය කල බවත් අතවරයට ලක්වූ 17 හැවිරිදි පාසැල් ශිෂ්‍යාව පොලීසියට පවසා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අතවරය සිදුවූ නිවසේ සිටි තරුණයන් දෙදනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර 20 හැවිරිදි වියේ පසුවන ඔවුන් දෙදෙනාම තොරතුරු තාක්ෂණ ආයතනයක රැකියා කරන අයවළුන් ලෙස හදුනාගෙන තිබේ.
මුලාශ්‍රය
1. 17-year-old raped by Facebook friend in south Delhi