සිය පියාගේ ඝාතන නඩුවේ සාක්ෂිය වෙනස් කිරිම පිටුපස බලවේගයක් ක්‍රියාත්මක බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය සදහන් කරයි.පුවත් වෙබ් අඩවියක් වෙත අදහස් දක්වමින් ඇය මේ බව සදහන් කර ඇත .භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ ප්‍රධානතම සාක්ෂිකරු වු ඔහුගේ රියදුරා මෙතෙක් ලබාදී තිබු සාක්ෂිය දිවුරුම් ප්‍රකාශයක් මගින් පසුගියදා වෙනස් කර ගත්තේය.ඒ අනුව මෙතෙක් සැකකාර දුමින්ද සිල්වා ගේ පාර්ශවෙයන් මුලින් වෙඩිතැබු බව පැවසු සාක්ෂිකරු පසුගියදා දිවුරුම්ප්රකාශයක් මගින් එම සාක්ෂිය වෙනස් කර භාරත ලක්ෂ්මන් පාර්ශවයෙන් මුලින් වෙඩිතැබු බව සදහන් කර තිබේ.
මේ තත්වය පිලීබදව අදහස් දැක්වු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය සදහන් කලේ සාක්ෂිය වෙනස් වීම සමග නඩුව ඉතා කණගාටුදායක තත්වයක තිබෙන බවයි.
ඒ පිලිබදව අදහස් දැක්වු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය
“මේ වෙනකොට නඩුවේ තත්වය ඉතා කණගාටුදායක තැනක තියෙන්නේ මෙච්චර කාලයක් කථාකරගෙන කථාකරගෙන ආපු එකේ අවසාන ප්රථිඵලය කුමක්ද වෙන්නේ කියන එක ගැන මං මීට කාලෙකට කලිං කිව්ව සමහර විට මේකේ අන්තිමට මගේ තාත්ති වැරැදිකරැවෙක් වෙන තත්වයට පත්කරයිද දන්නේ නැ කියන එක ඒ දේට දැං ක්‍රියාත්මක වේගෙන යන බවත් තමයි පේන්නේ මොකද තාත්තා නැතිවුන වෙලාවේ තාත්තා ලගින් හිටපු රියදුරා මුලින් දුන්න සාක්ෂිය දැන් වෙනස් කරලා තියෙනවා තාත්තිගේ පැත්තෙන් පළවෙනියට වෙඩිතිබ්බේ කියලා.ඉතිං මටත් හිතාගන්න බෑ එයාට මොකක්ද වෙලා තියෙන්නේ කියලා සාමානයයෙන් අපි මනෝවිද්යාතමකව ගත්තොත් ඕනම සිද්ධීයක් වෙච්ච ගමන් ඒ තියෙන දුක කණගාටුව වෙච්ච ගමන්ම ඒ තියෙන emotions එක්ක පළවෙනියට කියන එක තමයි හරියි කියල කියන්නේ.අපිදන්න විදිහට.ඉතිං ඒ වගේ පළවෙනියටම සාක්ෂියක් දීල හරියටම අවුරුද්දකුත් මාස ගානක් ගිහිල්ලද ඔහුට මතක්වුනේ මේ දේ වෙනස කරන්න ඕන කියලා?ඉතිං මේක පිටිපස්සේ කිසියම් උපක්‍රමයක් හෝ බලවේගයක් තියෙනවා කියලයි මම නම් හිතන්නේ.“
“අනිත් එක ඔය රියදුරා අවුරුදු 15ක් අපි ළග හිටපු කෙනෙක් එහෙම ඒ තරම් හිතවත් කමින් ඉදලා අනිත් පැත්තට සාක්ෂි දීපු එකත් හරි පුදුමයි. ඉතිං මේ දිවුරුම් ප්‍රකාශය නිසා ඇත්තටම දැං අපිට කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ අපේ පැත්තෙන් මොකද අපේ පැත්තට හිටපු ප්‍රධානතම සාක්ෂිය ඔහු නිසා.එකම දේ දැන් අපිට apeal එකක් දාන්න පුළුවන්.මේකෙන් මේ කරන්න හදන්නේ මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු දුමින්ද සිල්වා සිද්ධියෙන් අයින් කරන්නයි මේ හදන්නේ මට පේන විදිහට“
ඒ කියන්නේ ඔහු මොකක් හරි බලවේගයකින් වෙනස් කළා කියලා ඔබ පැහැදිලිවම කියනවා?
අනිවාර්යයෙන්ම ඒක මම වගකීමෙන් කියනවා.මෙච්චර කාලයක් වෙනස් වෙච්ච නැති මනුස්සයා එකපාරටම සාක්ෂිය වෙනස් කරන්න වෙන හේතුවක් නෑ.මොකද හැමදේම සල්ලි වලට යටවේච්ච සමාජයකනේ අපි ජීවත්වෙන්නේ.
හරි දැන් මොකක්ද ඊලගට කරන්න හදන්නේ?
දැනට නම් අපිට කරන්න කියල කිසිම දෙයක් ඉතුරුකරලා නෑ.මොකද ඒ පැත්තෙන්අපේ රියදුරා පවා අනිත්පැත්තට සාක්ෂී දුන්නම දැන් නම් අපි හරි ලොකු අමාරුවක වැටිල ඉන්නේ.මොකද ප්‍රධානම සාක්ෂිය ඔහුනේ.ඔහු තමයි සිද්ධිය වෙන කොට තාත්තිගේ ලගම හිටියේ.ඉතිං එයත් දැන් කයන කථාව වෙනස් කරනවා නම් මං මේ කල්පනා කරමින් ඉන්නේ දැන් මොකක්ද කරන්නේ කියලා.නීතිඥ වරුත් එක්කත් මේ ගැන කථාකලාම එයාල කියන්නේ 5වෙනිදා නඩුව කැදෙව්වට පස්සේ මොකද වෙන්නේ කියලා ඊට පස්සේ කතා කරමු කියලා
දැන් ඔය ඝාතන රැල්ල නැවතිලා නැහැ තවමත්.හසිත මඩවල දක්වා මේ ඝාතන රැල්ල ඇවිත් තියෙනවා මේ ගැන අදහස මොකක්ද?
ඕනම රටක මේ වගේ දේවල් නවත්තන් පුලුවන් රජයට ඒ හරියට නීතිය ක්‍රියාත්මක කරලා.විධායකය සහ නීතිය ක්රියාක්මක කරන ආයතන,සහ මහජනතාව .මහජනතාවටත් වගකීමක් තියෙනවා මොකද මගේ තාත්තා ඝාතනය කරාට පස්සේ මෙච්චර කල් හරි මතකේ තියෙන්නේ මම කෑගහපු නිසා නැත්තං ජනතාව ඔක්කොම අමතක කරලා ගොඩක් කල්.දැන් කැලනිය මන්ත්‍රිවරයාගේ සිද්ධිය බලන්න උද්ඝොෂණ තිබ්බේ පළවෙනි දවසේ දෙවෙනි දවසේ විතරයි දැන් කාටවත් මතක නෑ.අපේ රටේ මිනිස්සුන්ට තියෙන්නේ මේ අද වෙච්ච දේ හෙට මතක නෑ ඉතිං කෙහොමද මේ ඝාතන නවත්තන්නේ.ඕකයි ප්‍රශ්නේ.
දැන් ඔබ රජයට චෝදනා කරනවා නමුත් හිරුණිකා අපි දැක්කනේ පහුගියදා භාරත ලක්ෂ්මන් පිළිරුව විවෘත කරන උත්සවයට රජයේ මැති ඇමතිවරු ගනනාවක් ඇවිත් හිටියා?
ඔව් ඒ සියලු දෙනා තාත්තා එක්ක එකට දේශපාලනය කරපු මිත්‍රෙයා.ඔය ආපු සියලු දෙනාම තාත්ත වෙනුවෙන් අඩපු අය.කථා කරපු අය.අදටත් එයාලා මට පෞද්ගලිකව කථා කරල කියනවා සාධාරණය වෙනුවෙන් ඔයා යන ගමන හරි අපි ඒකට ආශිර්වාද කරනවා අපිශක්තියක් වෙලා පිටිපස්සෙන් ඉන්නවා කියලා.එකම දේ මට තියෙන ස්වාධිනත්වය ඔවුන්ට නෑ.ඔවුන්ට එහෙම ස්වාධින වෙන්නත් බෑ දැන්.ඔවුන් යම් අරමුනක පක්ෂයක හො වගකීම් වල ගැති වෙච්ච කට්ටිය.මේ නිසා ඔවුන්ට කථා කරන්න පුළුවන් තැන් සීමා සහිතයි.
-සබැදි
පුවත්-