පාර්ලිමේන්තුව උත්තරීතර යැයි කියන බෝඩ් ලෑල්ලට තමන් යට නොවන බව ජ.වි.පෙ දේශපාලන මණ්ඩල සභික,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
පාර්ලිමේන්තුව යන සංකල්පයේ උත්තරීතර බවක් තිබුණද මෙම පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය හෑල්ලුවට ලක්වී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අද (02) කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අනුර දිසානායක මහතා මෙසේද කියා සිටියේය.
දෝෂාභියෝගය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ඊනියා විභාග කිරීමෙන් පසුව වාර්තාවක් ඉදිරිපත් කිරීමත් ඒහා සම්බන්ධ අනෙකුත් ක්‍රියාවලියත් රට තුළ විශාල ආන්දෝලනයක් ඇති කළා. නිශ්චිත ලෙසම ජනතා විමුක්ති පෙරමුණ මීට පෙරත් මේ පිළිබඳ ප්‍රකාශ කළා වගේම ආණ්ඩුව අනුගමනය කළේ අධිකරණය සහ අග්රවිනිශ්චයකාරවරිය හඹාගෙන ගොස් දඩයම් කිරීමේ ක්‍රියාදාමයක්. අණ්ඩුවට තිබුණේ එවැනි වියරුවක්.
පාර්ලිමේන්තුවට දෝෂාභියෝගය ගෙන ඒම, පරීක්ෂා කිරීම සහ තේරීම් කාරක සභා ක්‍රියාවලිය ජනතා විමුක්ති පෙරමුණ මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටතදී ආණ්ඩුව සිදුකළේ අග්රවිනිශ්චකාරතුමියට එරෙහිව මඩ පෝස්ටර් ඇලවීම, කුඩා පොත් පිංචවල් ඛෙදාහැරීම, මඩ පත්‍රිකා ඛෙදාහැරීම, අමාත්‍යවරු විවිධ අවස්ථාවලදී ඒ පිළිබඳ සිදුකළ ප්‍රකාශ සියල්ලෙන්ම පෙන්නුම් කළේ ආණ්ඩුව වැටී ඇති මානසික කඩාවැටීමයි. එවැනි මානසික විකෘතියකට පත් පිරිසකගේ හැසිරීමක් තමයි පෙන්නුම් කළේ.
ආණ්ඩුව තබලා තිඛෙන්නේ ප්රජාතන්ත්රවාදය පැත්තෙන් ඉතා බරපතල පියවරකටයි. ආණ්ඩුවේ එම ක්‍රියාවලියට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේදී මෙන්ම ඉන් පිටතදීත් සම්මන්ත්රණ, උද්ඝෝෂණ පත්‍රිකා ඛෙදීමේ ව්‍යාපාර සිදුකළා. ඉදිරියටත් ආණ්ඩුවේ මෙම ප්රජාතන්ත්රවිරෝධී ඒකාධිපති පාලනය පරාජය කිරීමට සියලූ ක්‍රියාමාර්ග ගන්නවා.
මෙම දෝෂාභියෝග ක්‍රියාවලියට එරෙහිව නීතිඥවරු පිරිසක් අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ගොනු කළා. ඉන් අනතුරුව අභියාචනාධිකරණය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම නඩුව යොමු කළා ඒ පිළිබඳ අර්ථකතනයක් බලාපොරොත්තුවෙන්. දැන් 03 වෙනිදා එම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අභියාචනාධිකරණයට භාරදීමට නියමිතයි. ඒ වගේම අගවිනිසුරුවරිය රටේ පුරවැසියෙකු වශයෙන් ව්‍යවස්ථාවෙන් තමන්ට ලැබී ඇති අයිතිය පාවිච්චි කරමින් අභියාචනාධිකරණයේදී නඩුවක් ගොනු කළා. එයට අනුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයින් 11 දෙනාටත් කතානායකවරයාටත්, පාර්ලිමේන්තු ලේකම්ටත් නොතීසි නිකුත් කළා.
ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයා වශයෙන් විජිත හේරත් එම විභාගයට පෙනී සිටිනවා. ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නේ පාර්ලිමේන්තුව උත්තරීතර යැයි කියමින්, ඊට මුවාවී අධිකරණ ක්‍රියාවලිය මගහරිමින් අගවිනිසුරුවරිය දඩයම් කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීමටයි. දේශපාලන ව්‍යාපාර ලෙස අපි මේ ආණ්ඩුවේ ප්‍රකාශවල අභ්‍යන්තරයේ ඇති හරය තේරුම් ගත යුතුයි. එනිසා මේ අගවිනිසුරුවරිය දඩයම් කිරීමේ ක්‍රියාමාර්ගයට සෘජුව හෝ වක්‍ර ලෙස අපි ආණ්ඩුවට සහාය විය යුතු නැහැ. ඒ පමණක් නොවේ එයට එරෙහිව ගත හැකි සියලූ ක්‍රියාමාර්ග අපි ගනිමින් සිටිනවා. පාර්ලිමේන්තුව උත්තරීතර යැයි කියන බෝඩ් ලෑල්ලට අපි යටවෙන්නේ නැහැ.
පාර්ලිමේන්තුවේ මෙම උත්තරීතරභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිඛෙනවා. පාර්ලිමේන්තුව කියන සංකල්පයේ නම් උත්තරීතරභාවයක් තියෙන්න පුළුවන්. නමුත් වර්තමානයේ තියෙන පාර්ලිමේන්තුවේ උත්තරීතර බව කුමක්ද? මේ පාර්ලිමේන්තුවේ 2/3 බලය හදාගත්තේ කොහොමද? මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද දීලා, කප්පම්දීලා, නොයෙකුත් අපරාධවලට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට එරෙහිව තිබූ නඩු විභාගයන් ඉවත් කරලා දිනාගත්ත මන්ත්‍රීවරුන්ගෙන් තමයි මේ බලය හදාගත්තේ. විකිණෙන, විකුණුන මන්ත්‍රීවරුන්ගෙන් තමයි මේ බලය හදාගෙන තිඛෙන්නේ. ඒ විතරක්ද? කුඩු මුදලාලිලාගෙන් මුදල් අරගෙන, ගණිකා මඩම් අයිතිකරුවන්ගෙන් මුදල් අරගෙන, ව්යාපරිකයින්ගෙන් කප්පම් අරගෙන ඡන්ද කරලා පාර්ලිමේන්තුවට ආපු අයගෙන් තමයි මේ බලය හදාගෙන තිඛෙන්නේ.
මැතිවරණ කොමිසම අහෝසි කරලා, සියලූ මාධ්‍ය තමන් යටතට අරගෙන මැතිවරණ කරලා බලය ලබාගත්තේ. එවැනි පාර්ලිමේන්තුවක් කොහොමද උත්තරීතර වෙන්නේ. මාධ්‍යවේදීන් වන ඔබ දන්නවා පාර්ලිමේන්තුව හැසිරෙන්නේ කොහොමද කියලා. එහි උත්තරීතර බව කුමක්ද කියලා. මේ පාර්ලිමේන්තුව ජනතා මතය නියෝජනය කරන්නේ නැහැ. ජනතාවගේ සාධාරණ මතය නියෝජනය කරන්නේ නැහැ.
එනිසා ආණ්ඩුවේ එකම අරමුණ මේ අධිකරණ ක්‍රියාවලිය මගහැරීමයි. මේ ආවරණය කරගෙන සිටින දෙය මාධ්‍ය වගේම අපිත් නිරාවරණය කරන්න ඕනෑ. ආණ්ඩුවේ මෙම ගමන පැහැදිලියි. එයට සෘජුව හෝ වක්‍රව අප සහාය දිය යුතු නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය සිදුකරන්නේ තමන්ට අයිති කාර්යභාරයයි. අධිකරණය එය මැනවින් ඉටුකරමින් සිටිනවා. ආණ්ඩුව ඒ පිළිබඳ වියරුවෙන් කටයුතු කරමින් ඉන්නවා. විජයදාස රාජපක්ෂ මහතාගේ නිවසට වෙඩි තැබුවා. ඉන් කියවුනේ පළමුව ගෙට වෙඩි, ඊ ළඟ ඔබට වෙඩි කියලද? නීතිඥ වන්නිනායක මහතාට තර්ජන එල්ල කළා. ඒ වගේම අගවිනිසුරුවරියට එරෙහිව ඇමතිවරුන්ගේ මුඛය හැසිරෙන ආකාරය අප දුටුවා.
රාජපක්ෂලාගේ බලයට අභියෝග වුණොත් ඔවුන් හැසිරෙන ආකාරය අපට හිතාගන්න පුළුවන්. කොතරම් ප්රජාතන්ත්රවිරෝධී ආකාරයෙන් හැසිරෙයිද? එනිසා තවත් පුද්ගලයින් හෝ ආයතන මෙම රාජපක්ෂ වියරුවට බිලිවිය යුතු නැහැ. ඒ වගේම මේ පාර්ලිමේන්තුවට බොරු සුජාත බවක් ආරූඪ කළ යුතු නැහැ.
මාධ්‍යවේදියෙකු එක්සත් ජාතික පක්ෂය මෙම නඩු විභාගයට සහභාග නොවන තත්වය පිළිබඳ විමසීමක් කළ අතර එහිදී අනුර දිසානායක සහෝදරයා ඒ පිළිබඳ පැහැදිලිකිරීමක් කළා.
යූ.එන්.පීයත් හරියට ආණ්ඩුව වගේම තමයි. ආණ්ඩුවේ මතය ඉදිරිපත් කරන්න කලින් යූඑන්පී එකේ මතය කියලා ඉවරයි. නඩුවට සහභාගී නොවීම ආණ්ඩුවේ උවමනාවයි. යූඑන්පීය හැසිරෙමින් සිටින්නේ එවැනි ජුගුප්සාජනක ආකාරයටයි. දෝෂාභියෝගය ඉදිරිපත් වූ මොහොතේ සිටම යූඑන්පීය කටයුතු කළේ කිසිදු ස්ථාවරයක නොසිටයි. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා චක්‍රලේඛයක් පවා නිකුත් කළා දෝෂාභියෝගය පිළිබඳ මන්ත්‍රීවරුන් තිදෙනකු හැර අනෙක් මන්ත්‍රීවරුන්ට අදහස් ප්‍රකාශ කිරීම තහනම් කරමින්. ඉතිහාසයේ කළා මෙන්ම වර්තමානයේදීත් යූඑන්පීය ඉටුකරමින් ඉන්නේ ආණ්ඩුවේ උවමනාවයි.