මම කවුරුවත් වෙනුවෙන් ගීත ගයන්නේ නෑ -Kasun Kalhara

සුභාවිත ගීතය කියලා එකක් තියෙනවද....?

සුභාවිත ගීතය කියලා යෙදුමක් නම් තියෙනවා. හැබැයි එහෙම සංගීතයක් නම් දැන් තියෙනවද කියන එකනම් ප්‍රශ්නයක්.

ඒ කියන්නෙ ලංකාවේ සුභාවිත ගීත කියලා දෙයක් ඇත්තෙම නැද්ද....?

යම් යම් තැන්වල තියෙනවා. මමයි තව කීපදෙනෙක් එකතුවෙලා කලාව ගැන ආදරයක් ඇතිව කරන නිර්මාණ කීපයක් සුභාවිත කියන තැන තියෙනවා.



එහෙම ගීතය හොඳයි නරකයි කියලා බෙදන එක සාධාරණයිද....?

මොකක් හරි කලාවක් වෙනුවෙන් අපි පාවිච්චි කරන භාවිතාව හොඳ විදියට කරනවා නම් තමයි සුභාවිත කියලා කියන්නේ. ඒ භාවිතාව ඉතා හොඳ එකක් විය යුතුයි. හොඳ නරක තේරුම් ගන්න බැරි මේ වගේ සමාජයක සුභාවිත ගීතය හෝ සුභාවිත කිසියම් දෙයක් බිහිවෙන්නේ නෑ.


ඔබත් තව කොටසකට ඇඟිල්ල දිගු කරන සාම්ප්‍රදායික කලාකරුවෙක්ද....?

එහෙම ඇඟිල්ල දිගුකරන අය මම ඕන තරම් දැකලා තියෙනවා. හැබැයි ඔය අතරේ මේ දෙය හොඳ නෑ කියලා කුහකකමට කියන අය වගේම ඇත්තටම කියන අයත් ඉන්නවා.


ඔය හොඳ නෑ කියලා කියන ගායකයොයි කසුන්ලයි හැමෝම වැටෙන්නේ 'ගායකයෝ' කියන එකම කුලකයට නේද...?

සින්දු කියනවා කියන අර්ථයෙන් ගත්තම නම් ඔව්. හැබැයි ඉතින් මම, ඔය කියන පරපුරට සම්බන්ධ කරන්න හිතන්නවත් බැරි තරම් අෑතයි. අන්ත දෙකක්.


හැබැයි ඔය දෙගොල්ලොම සින්දු කියලා සල්ලි හොයනවා නේද...?

ඔව්, මේ අන්ත දෙකට මැද කට්ටියකුත් ඉන්නවා. එයාලත් කරන්නේ සල්ලි හොයන එක තමයි. හැබැයි මේ තුන්ගොල්ලන්ගෙම භාවිතාවන් වෙනස්.



කසුන් ගායනා කරන්නේ කවුරු වෙනුවෙන්ද....?

මම නම් එහෙම කවුරුවත් වෙනුවෙන් ගායනා කරන්නෑ. ඉස්සර ඉඳලම මම කරන්නේ මට ඕන දෙය. ඒවාට මිනිස්සු කැමැති වෙනවා. සමහරු තම තමන්ගේ සීමාවල ඉඳගෙන විවිධ අදහස් පළකරනවා.



ඔයාගේ සින්දු රසවිඳින්න තරම් ලංකාවේ රසිකයන්ගේ මනස දියුණුයිද....?

රසඥතාව ඉතාම හොඳ තැනක තියෙන මිනිස්සු ලංකාවේ ඉන්නවා. ඒ ඉන්න ටික දෙනා සම්බන්ධයෙන් සවිඥානික වුණාම මේ කරන වැඩේ සතුටින් කරන්න පුළුවන්.


ඔය කියන පිරිස අතර සාමාන්‍ය ජනතාව ඉන්නවද....?

ඔව්, ඉන්නවා.


එහෙම ඉන්නවා නම් කසුන් කල්හාරගේ සින්දු බස්වල ඇහෙන්නේ නැත්තේ ඇයි....?

බස් එකේ මිනින්සු 40ක් ඉන්නවා කියලා හිතන්න. ඔය 40ටම එක කොන්‍ෙදාස්තරයි එක රියැදුරයි ඉන්නේ. අර හතළිහෙම රසවින්දනය තීරණය කරන්නේ ඔය දෙන්නා තමයි.


එතකොට ගීත ගායනයේ අරමුණක් නැද්ද...?

මෙහෙමයි, එහෙම හොඳ අරමුණක් එක්ක ඉෆෙක්ට් එකක් කරන්න සුදුසු යුගයක් තිබුණා නම් දැන් ඒ යුගය නිමා වෙලා හුඟක් කල්. මේ සමාජයට නම් එහෙම ලොකු අරමුණක් ඇතිව නිර්මාණයක් කරන්න හිතෙන්නේ නෑ.


එතකොට කසුන් සින්දු කියන්නේ ඇයි....?

එහෙම සමාජමය වගකීමක් හෝ කාර්යභාරයක් ඔළුවේ තියාගෙන නම් මම සින්දු කියන්නේ නෑ. මතු සමාජයේ ඉන්න මිනිස්සුන්ට සහ මිනිස්සුන්ගේ ආත්මයට රහක් දෙන්න පුළුවන්නම් මම සින්දු කියනවා.


ඒත් ගීතවලින් මොරාල් හදපු යුග ගැනත් අපි අහලා තියෙනවානේ....

ජාතිකාභිමානී ගීත ආදී නම් කිව්වාට ඇත්තටම ඒවයෙන් මොනවද වුණේ....? මම නම් ඒක විශ්වාස කරන්නෑ. සින්දුවලින් මොරාල් හදනවා කියන්නේ

පට්ටපල් බොරුවක්. මට ගීතය කියන දෙය සමාජ වගකීමක් කියලා දැනෙන්නේ නෑ.


රිඟින් ටෝන්වලින් මාසෙකට කොයිතරම් ආදායමක් ලබනවද....?

මට නම් එහෙම ආදායමක් නෑ.

ඒ වුණාට කසුන්ගේ ගීත රිඟින් ටෝන් ලෙස ඇහෙනවා.

ඔව්, ඇත්තටම ඒකේ ආදායම යන්නේ මගේ සින්දු රෙකෝඩ් කරලා සීඩී පට ලෙස නිකුත් කරන ආයතනවලට.


ගායකයාට හිමි කොටස නොලැබීම ගැන දුක නැද්ද....?

නැහැනේ. ඒවා ඇගි්‍රමන්ට්වලට අනුව එකඟ වූ දේවල්නේ. ඒ නිසා මම දුක්වෙන්නේ නෑ. හැබැයි මම අලුතෙන් නිර්මාණ කරද්දී නම් මෙවැනි ගිවිසුම්වලට එන්න කලින් හිතලා බලනවා.


රිඟින් ටෝන්වලට ගීත ලියන ගී පද රචකයෙක්ගෙන් වුණත් ගීතයක් ලියවාගන්න කැමැතියිද....?

එයාගේ පසුබිම මොකක්ද කියන දේ මට අදාළ නෑ. මට වැදගත් වෙන්නේ ඒ මනුස්සයා කරපු වැඩේ හොඳට කරලා තියෙනවාද කියන එක විතරයි. ඒ කියන්නේ හොඳට ලියලා නම් මම බාරගන්නවා.


දැන් ගොඩක් ගායකයෝ උත්සාහ ගන්නේ සී.ඩී. අවුට් කරන්න. කසුන් ඒකට පසුබට වෙලා. ඇයි....?

මම සින්දු කියන්නේ මගේ රසික රසිකාවියන්ට මාර දෙයක් දෙන්න ඕන කියන අදහසින් නෙවෙයි. මම කැමැතිනම්, මට මේක හොඳයි කියලා හිතෙන වෙලාවට, මට දැනුණ වෙලාවට, මම ඒ ගීතය රෙකෝඩ් කරනවා. ඊළඟට මටම හිතුණොත් සී.ඩී. එකකුත් කරනවා.

කලාකරුවා අයිති සමාජයටලු....

කලාකරුවා කාටවත් අයිති නෑ. මම නම් ඔය කතාවට පෞද්ගලිකවම කැමැති නෑ. කාටවත් කලාකරුවාගෙන් වැඩක් නෑ. ඔහුගේ වැඩ තමයි වැදගත්.

අපි දකින ගොඩාක් ගායකයෝ ලස්සනට අඳිනවා. කසුන් ඒ ගැන වැඩි උනන්දුවක් නෑ වගේ....

එහෙම ඇඳපු තැන් තියෙනවා. සමහර කාලවලදී. මමත් හෙයාර් ස්ටයිල් දාලා හිටියා. වෙනස් විදියට ඇන්දා. හිතුණම එහෙම කරනවා.

ප්‍රසංග වේදිකාවට යන්නේ නැද්ද....?

නෑ.


ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවගෙන් අෑත්වෙලාද.....?

සාමාන්‍ය ජනතාව තමයි හැම තැනම ඉන්නේ. ඒකේ විශේෂත්වයක් නෑ. මම කොළඹ ෂෝ එකක් කරද්දි හෝල් එක ඇතුළට ඇවිත් ඉඳගෙන ඉඳලා රස විඳින්නේ සාමාන්‍ය ජනතාව තමයි. වැඩිපුරම මේ අයගේ කැමැත්ත තියෙන්නේ කොතැනද කියන එකයි වටින්නේ.


උපුටා ගැනීම  -මව්බිම 

Gossip Lanka Hot News Previous News Archive